මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 08 වන වාර්ෂික මහා සමුළුව  ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 25, 2018
    සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 08 වන වාර්ෂික මහා සමුළුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (24) දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
    සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ නිල ප්‍රකාශනය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.  සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.
    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති නිහාල් ලියනගේ මහතා ඇතුථ එහි සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya