මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    43 වැනි දම්සභා මණ්ඩපය ජනාධිපති මන්දිර පරිශ්‍රයේ බෝධින් වහන්සේ අභියස දී

    ඔක්තෝබර් 24, 2018

    සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ,සදහම් යාත්‍රා, ධර්ම දේශනා මාලාවේ 43 වැනි දම්සභා මණ්ඩපය වප් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ අද (24) දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධින් වහන්සේ අභියස දී පැවැත්විණි.

    පූජ්‍ය මාතර මහින්ද ස්වාමින් වහන්සේ අද දින ධර්ම දේශකයාණන් වහන්සේ වූහ. ජනාධිපති මන්දිර පරිශ්‍රයේ  පිහිටි බෝධින් වහන්සේ අභියස මෙවන් දම්සභාවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. 

    ජනාධිපතිතුමාගේ පසුගිය ජන්ම දිනය නිමිත්තෙන් එම බෝධින් වහන්සේ වටා අලංකාරවත් රන් වැටක් ද ඉදිකර පූජා කෙරුණු අතර, අටවිසි බුදුවරුන් පිටදුන් බෝධින් වහන්සේලා සමග අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද නිරාවරණය කිරීම සිදු කෙරිණි.

    අද උදෑසන බෝධින් වහන්සේ අභියසට පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක් විය.

    ජයන්ති සිරිසේන මැතිනිය ද, මැති ඇමතිවරුන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය ද දහම් පාසල් දරුවන් ඇතුථ විශාල පිරිසක් ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක්ව සිටියහ. 

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya