මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි - සිවිල් සාමාජිකයන් නම් කිරීම තුළ දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ

    ඔක්තෝබර් 11, 2018

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (12) රැස්වෙන බවත් ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමජිකයන් නම් කිරීම තුළ කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නොමැති බවත් කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

     

    ව්‍යවස්ථා සභාවට සිවිල් තැනැත්තන් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු දැක් වූ අඳහස්වලට පිළිතුරු දෙමින් කතනායකවරයා අද (11) පර්ලිමේන්තුවේ දී මේ බව පැවසී  ය.

    එහිහී අඳහස් දක්වූ කතානායකවරයා;

    ''ව්‍යවස්ථා සභාවේ අනෙකුත් සාමාජිකයන් හත් දෙනෙකු පත් කර අවසන්.හෙට(12) 12.00ට ව්‍යවස්ථා සභාව රැස්වෙනවා. එහිදී නව අගවිනිසුරුවරු පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු  කෙරෙනවා. ව්‍යවස්ථාදයක සභවට මෙම නම් ලබාගත්තේ සිවිල් සමාජයෙන් එතැන කිසිම දේශපාලන ඇඟිලි  ගැසීමක් තිබුණේ නෑ. මේ අය සමාජයේ බොහොම ගරුත්වයක් තිබෙන පුද්ගලයන්.''

    සභානයක අමාත්‍ය ලක්ශ්මන් කිරිඇල්ල මහතා-

    ඊයේ පක්ෂ නයක රැස්වීමේ දී මෙය පැයක් සාකච්ඡා කළා කිසිදු විරෝධයක් මෙයට නෑ. අද අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරනවා. එදා තමන්ට ඕන අය පත් කරන්න 18 වැනි සංශෝධනය ගෙනවා. අද 19 වැනි සංශෝධනය ගෙනැල්ලා,ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කර තිබෙනවා. ජනාධිපතිවරයා කරන නම් කිරීමක් වුවත් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අද ව්‍යවස්ථා සභාවට තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අශූ මාරසිංහ මහතා- කාන්තාවන් ගැන කිඹුල් කඳුළු හෙළනවා. එදා අගවිනිසුරුවරිය ගෙදර යැව්වා.

    අමාත්‍ය ආචාර්ය විජයදස රාජපක්ෂ මහතා-

    19 වන ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තු මුදුන්පත් කිරීමේ අරමුණින් මේ රටේ සියලු ජනතාවගේ ආශිර්වාදය ඇතිව සම්මත කර ගත්  පනතක්. ව්‍යවස්ථා සභාව පිළිබඳව අද විවේචන ඉදිරිපත් වුණා. අඩුපාඩු නිවැරැදි කර ගැනීමේ වගකීම අප කාටත් තිබෙනවා.

    සිවිල් සමජය නියෝජනය වීමට නම් තුනක් යෝජනා වී තිබෙනවා. සිවිල් සමාජය නියෝජනය වීම වැදගත් වෙනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව,ප්‍රශ්න සාකච්ඡා කරමු.වගකිව යුතු ආණ්ඩුවක් ලෙස ව්‍යවස්ථා සභාව ඉදිරියට, පූර්ණ සේවය රටට ප්‍රතිලාභ ලබදෙන්නට පුළුවන් විදියට සම්මත කර ගත හොත් එම සභාවේ කටයුතු කරගෙන යෑම පහසු වෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පාර්ශවයේ නයකයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන තැනැත්තන් තිදෙනෙක් නම් කෙරේ. ඒ අනුව ආචාර්ය ජයන්ත  ධනපාල මහතා, අහමඩ් ජාවිඩ් යූසුෆ් මහතා, නාගනාදන් සෙල්වක්කුමාරන් මහතා නම් කෙරෙන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya