අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයන හ අපනයන ( පාලන ) පනත යටතේ නියෝග දෙකක් විවාදයට

    ඔක්තෝබර් 11, 2018

    ආනයන හ අපනයන ( පාලන ) පනත යටතේ නියෝග දෙකක් අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

     යෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ රජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා, නීල හරිත රටක් ගොඩනැඟීම  සඳහා රජය කටයුතු කරන බව කීය.

    ඒ සඳහා මෙම පනත ඉවහල්වනු ඇත.මෙහිදී විශේෂයෙන් පරිසර දූෂණය වළක්වන රථ වාහන ආනයනය කිරීමට  මෙමඟින් අවස්ථාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    විවාදයට එක්වෙමින් අඳහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා,''පසුගිය රජය සමයේ ප්‍රතිපත්තියකින් තොරව රට  පාලනය කිරීම රට කඩා වැටීමට හේතු වූ බව පැවසී ය.

    ඉදිකිරීම් හා සේවා ආනයනය මත පදනම් වීම රටේ ආර්ථික හා සේවා ආනයනය මත පදනම් වීම රටේ ආර්ථික  වර්ධන වේගය පහත වැටීමට හේතු වූ බවද පැවසී ය.

    වත්මන් රජය යටතේ රට ඉදිරියට ගමන් කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා,අපනයනය ඉහළ නැංවීමට  වත්මන් රජයට හැකි වී තිබෙන බවත් නිෂ්පාදන විවිධාංගීකරණය කෙරෙහි රජයේ අවධනය යොමු විය යුතු බවත්  ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya