මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටැන්සානියා විදේශ ඇමැති ජනපති හමුවෙයි

    ජූලි 22, 2014
    ටැන්සානියානු විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා ඇමැති බර්නාඩ් කේ. මෙම්බේ (Bernard K. Membe) මහතා ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.
     
    2013 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳ ව ශ්‍රී ලංකාවට සුභ පැතූ ඒ මහතා එම අවස්ථාවට සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණි ටැන්සානියානු දූත පිරිසෙහි සොඳුරු මතකයන් පිළිබඳව ද ජනාධිපතිතුමාට මෙනෙහි කළේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2013 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිළිබඳ ව සහ ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාව දක්වන ලද අඛණ්ඩ සහයෝගය පිළිබඳ ව ටැන්සානියාවට සිය ස්තූතිය පුද කළේය.
     
    ඔහු මෙරටට පැමිණි විට දුටු තත්ත්වය සහ මාධ්‍යවලින් වාර්තා කරන තත්ත්වය අතර විශාල වෙනසක් ඇති බවත් පසුගිය මාස අටට පසුවද සුවිශේෂි වෙනස්කම් ඔහුට පෙනෙන බවද විදේශ අමාත්‍යවරයා පවසා සිටියේය.
     
    පශ්චාත් යුද ගැටුම් සමය තුළ රටවල් මුහුණපාන අභියෝග පිළිබඳව ද ජනාධිපතිතුමා සහ විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළහ. අප්‍රිකානු ජාතීන් ගණනාවක් ගැටුම් අවසානයේ පැන නැගුණු අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින බව මෙම්බේ මහතා පැවසුවේය.
     
    ඔබතුමා මානව හිතවාදය, සාමය හා ස්ථාවරත්වය සහ ආර්ථිකයෙහි සුවිශේෂි වෙනස්කම් සිදු කර ඇතැයි ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද අත්දැකීම් පිළිබඳව ද කතාකරමින් මෙම්බේ මහතා පැවසීය.
     
    ටැන්සානියානු ජනාධිපති ජකායා කික්වෙතේ (Jakaya Kikwete) මැතිතුමාගේ සුභ පැතුම් එක් කරමින් කතා කළ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ ව සෑහීමකට පත්වන බවත් ඉදිරියේ දී මෙම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
     
    ටැන්සානියානු විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක් මෙම්බේ මහතා සමග මෙම සාකච්ඡාවට සහභාගි වු අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකාවේ උගන්ඩා තානාපති (ටැන්සානියාවට අනුයුක්ත) වී. කනනාදන් (V.Kananathan) මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     
    he met tansaniya fm 1
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya