අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1857/8 දරන විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් බදු ඉවත් කෙරේ

    ජූලි 22, 2014
    රජය විසින් නිකුත් කරන ලද 1857/8 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
     
    මේ අනුව බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඇතුළ ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණ කිරීම, අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා වෙනුවෙන් වූ එකී බද්ධ ඉවත් කෙරේ.
     
    ඊයේ (21) පස්වරුවේ ලංකා බැංකු සේවක සංගමය සමග අරලියගහ මන්දිරයේ දී පැවැති විශේෂ හමුවකදී ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත.
     
    අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, වැඩබලන ජනාධිපති ලේකම් සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, ලංකා බැංකු සේවක සංගමයේ සභාපති ඒ.කේ. බණ්ඩාර, ලේකම් අශෝක ධර්මසිරි, උප සභාපති නිශාන්ත සමරසිංහ මහත්වරුන් සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතවරු මීට එක්ව සිටියහ. 
     
    DB
     
    HE BANK MEETING 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya