අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරතීය ජනතා පක්ෂ සාමාජිකයෝ ජනපති හමුවෙති

    ජූලි 21, 2014

    භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කාර්යය කමිටුයේ සභාපති සහ මධ්‍ය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඇතුළු ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් කණ්ඩායමක් අද (21) සවස අරලියගහ මැඳුරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ.


    මෙම කණ්ඩායම ද්විපාර්ශ්වික සහ කලාපීයව වැදගත් වූ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළහ. ඒ අතර ඉන්දීය සාගරය වටා ඇති රටවල සම්මේලනය (Indian Ocean Rim Association) සිදුකරන ලද කාර්යභාරය සහ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත් බව පිළිබඳ සාකච්ඡා කළ අතර ඉන්දීය සාගර ආරක්ෂණයේ දී ශ්‍රී ලංකාව වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව පෙන්වා දුන්හ. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ කාර්යභාරය ඉටුකිරීමට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දීමට ද පොරොන්දු වූහ.


    සාගර සහ පාරිසරික විශිෂ්ටතා අධ්‍යයන කේන්ද්‍රයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මෙහිදී කණ්ඩායමට සැල කළේය.


    ජනාධිපතිතුමා සමඟ මෙම හමුවට එක් වූ අනෙකුත් භාරතීය ජනතා පක්ෂ සාමාජිකයින් වන්නේ ආචාර්ය සුරේෂ් ප්‍රභාකර් ප්‍රභූ (Dr. Suresh Prabhakar Prabhu), ආචාර්ය චාරි සේශාද්‍රි රාමනුජන් (Dr. Chari Seshadri Ramanujan), ආචාර්ය ස්වාපන් දාස්ගුප්තා (Dr. Swapan Dasgupta ) සහ මහාචාර්ය මාධව් නලපත්  (Prof. Madhav Nalapat) ය. යුධ ගැටුම්වලින් පසුව ශ්‍රී ලංකාව අත්කර ගනිමින් සිටින ප්‍රගතිය පිළිබඳව ද ඔවුහු අදහස් පළ කළහ.


    “ත්‍රස්තවාදය සමඟ තීරණාත්මක ලෙස ගනුදෙනු කළ එකම රට ශ්‍රී ලංකාවයි.“, ආචාර්ය රාමනුජන් පැවසීය.


    ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඉන්දියාවට ද වැදගත් බව පෙන්වා දෙමින් ආචාර්ය ස්වාමි, ජනාධිපතිතුමා හමුවේ පවසා සිටියේ යුද්ධය අවසන්වීම ඉන්දියාවේ ආරක්ෂාවට ද පිටිවහලක් වූ බවයි. විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට, ශිෂ්‍යයන්ට වඩා හොඳ අධ්‍යාපන අවස්ථා ලබාදීමට සහ ශ්‍රී ලංකාව ත්‍රෛභාෂක දේශයක් බවට පත්කිරීමට අවශ්‍ය ව්‍යාපෘති දියත් කිරීමට රජය ගෙන තිබෙන උත්සාහයන් ඔවුන්යේ පැසසුමට ලක්විය.


    දෙරටේ නායකයන්ගේ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධතා පිළිබඳව සඳහන් කළ භාරතීය ජනතා පක්ෂ කණ්ඩායම, ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පවසා සිටියේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාට, “ශ්‍රී ලංකාව සමඟ විශිෂ්ට සම්බන්ධතා“ ඇති කරගැනීමට අවශය බවයි.


    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


    HC/pmu_Pix by : Udesh Gunarathna

    BJP Members Meet President Rajapaksa 1

    BJP Members Meet President Rajapaksa 2

    BJP Members Meet President Rajapaksa 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya