මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සහ පෘතුගාලයේ අගමැතිතුමා අතර සාකච්ඡා

    ජූලි 20, 2014
    (දෙවන යාවත්කාලීන කිරීම) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පෘතුගාලයේ අගමැති පෙද්‍රෝ පැසෝ ක්වෙලෝ මැතිතුමා (Pedro Passos Coelho) සාකච්ඡා සඳහා අද දහවල් අරලියගහ මන්දිරයේදී මුණ ගැසුණහ.
     

    ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සමග සබඳතා තව දුරටත් වැඩි දියුණු කිරීමට පෘතුගාලයේ අවශ්‍යතාව අගමැති ක්වෙලෝ සඳහන් කළේය. එතුමා වැඩි දුරටත් පවසා සිටියේ ආර්ථික ක්ෂේත්‍රයේ පමණක් නො ව සංස්කෘතික හා දේශපාලනික ක්ෂේත්‍රවල ද 'ගැඹුරු සබඳතා' එරටට අවශ්‍යවන බවය. තවද මෙරට සංචාරය, පෘතුගාලය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සබඳතා පමණක් නොව ජාත්‍යන්තරව වැදගත් වන වෙනත් කාරණා ද සාකච්ඡා කිරීමට හොඳ අවස්ථාවක් වන බවයි.


    ක්වෙලෝ අගමැතිතුමාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන බැවින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකලාපය නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල ද රටේ වෙනත් පෙදෙස්වල ද ත්‍රස්තවාදී තර්ජන මත "ජනතාව බියෙන් ජීවත් වූ" ආකාරය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කරුණු පැහැදිලි කළේය.


    විදේශ නායකයින් ශ්‍රී ලංකාවට පැමිණ රටේ නියම තත්ත්වය තමන්ට හට බලා ගත හැකි වීම පිළිබඳ තමා සතුටු වන බව ජනාධිපතිතුමා කියා සිටියේය. පසුගිය වසරේ‍ පොදුරාජය මණ්ඩලීය නායකයින්ගේ සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා පැමිණි නායකයින් බොහෝ දෙනෙක්, මාධ්‍යවලින් වාර්තා වන තොරතුරු ශ්‍රී ලංකාව පිළිබඳ යථාර්ථයට බෙහෙවින්ම පටහැනි වීම පිළිබඳව පුදුමයට පත් වූ බව ද එතුමා පෙන්වා දුන්නේය.


    ශ්‍රී ලංකාවේ වත්මන් ද ජාතික නිෂ්පාදනයේ වර්ධනය 7.3%ක් වන බවත් උතුරු පළාත් වර්ධනය පසුගිය වසර පුරා 20%-24% අතර වන බවත් දැනගත් ක්වෙලෝ අගමැතිතුමා, ඒවා "ඉතා චමත්කාරී ප්‍රතිඵල" වන බව පවසා සිටියේය.

     

    ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා‍වේ කැපවීම විස්තර කරමින් " දකුණේ සහ උතුරේ තරුණයින් රාශියක් මියගිය නිසා යුද්ධයෙන් ඇති වූ තුවාල සුව කිරීමට යම් කාලයක් ගත වේවි." යැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    පෘතුගාලයේ තානාපතිතුමා සහ තවත් උපදේශකවරුන් ගණනාවක් පෘතුගාල අගමැතිතුමා සමග එක්ව සිටියේය.


    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය, ප්‍රංසයේ ශ්‍රී ලංකා තානාපති (පෘතුගාලයට අනුයුක්ත) මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි

    සෙනරත් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

     

     
    HC/DB/PS&IMU_Pix By : President's Media
     
    02
     
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya