අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප නැගෙනහිර කොළඹ සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන

    ජූලි 18, 2014


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ප්‍රදීප් ගුණවර්ධන මහතා පසුගිය (16) අරලියගහ මන්දිරයේදී පත් කරනු ලැබීය.


    ප්‍රදීප් ගුණවර්ධන මහතා දැනට රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. 


    එස්.ටී.සී ආයතනයේ කාර්ය සාධනය පසුගිය දශක 4ක කාල පරාසය තුළ විවිධ ගෝලීය හා දේශීය අභියෝගවලට මුහුණ පාමින් පාඩු ලබමින් 2004 වර්ෂය වන විට වැසී යන ආයතනයක් ලෙස තීරණය කෙරිණි. නමුත් 2008 වර්ෂයේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව නව කළමනාකාරීත්වක් යටතේ ප්‍රතිසංවිධානය වූ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව අද වන විට ඕනෑම පෞද්ගලික වෙළෙඳ ආයතනයක් සමඟ තරග කළ හැකි ආකාරයේ වඩාත් ශක්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබේ. සියලු අභියෝගවලට මුහුණ දෙමින් කෙටි කාලයක් තුළ එස්.ටී.සී. ආයතනයේ පැවති ප්‍රතිරූපය යළි ස්ථාපනය කිරීමට ප්‍රදීප් ගුණවර්ධන මහතාට හැකි විය.


    එහිදී රාජ්‍ය වෙළෙඳාම වෙත නව ව්‍යාපෘති හා නව නිර්මාණ හඳුන්වා දීමට ප්‍රදීප් ගුණවර්ධන මහතා පෙරගමන්කරුවකු විය. ඒ යටතේ රාජ්‍ය සේවකයන් සඳහා උපහාර පැකේජය, වෙබ් පාඨශාලා නම් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පාඨමාලා, රාජ්‍ය සේවකයන් සඳහා පහසු ගෙවීමේ ක්‍රමයට යතුරු පැදි ලබා දීමේ ව්‍යාපෘති  හඳුන්වා දෙනු ලැබීය. මීට අමතරව දිවයින පුරා වෙළෙඳ ප්‍රදර්ශනාගාර ආරම්භ කරමින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය වෙළෙඳ සමාඟම ලෙස රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පත් කරලීමට ද මෙම ක්‍රියාදාමය තුළ ඒ මහතාට හැකිවිය.


    ප්‍රදීප් ගුණවර්ධන මහතා මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙසද සේවය කොට තිබේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya