අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ගුවන් හමුදාපති ජනාධිපතිතුමා හමුවේ

    ජූලි 18, 2014

    ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා (Arup Raha) මහතා අද (18) සවස අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.


    ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරීන් සමග බොහෝ ඵලදායී සාකච්ඡා  පැවැත්වූ බව මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා මහතා පැවසීය. අද සවස ජනාධිපති තුමා සමග පැවති සාකච්ඡාවේදී ආරක්ෂාව සහයෝගීතාවට අදාළ අඛණ්ඩ පුහුණුවීම් සහ ඒකාබද්ධ ගුවන් ව්‍යායාම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි.


    පසුගිය අඟහරුවාදා (ජූලි 15) දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර පැවති සාකච්ඡාවන්ට අමතරව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සමග ද සාකච්ඡා  පැවැත්විය.


    මෙම වසරේ ජනවාරි මස සිය ධුරයේ වැඩ භාරගත් රාහා මහතායේ ප්‍රථම නිල විදේශ සංචාරය මෙය වන අතර මෙහිදී ඔහු ශ්‍රී ලංකා යුද හා නාවික හමුදා මූලස්ථාන සහ බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාරක හමුදා ස්මාරකය, ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමිය සහ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර යන ස්ථානවල සංචාරය කළේය.


    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමාසරිස් වයි. කේ. සින්හා මහතා මෙන් ම තවත් ඉන්දීය ගුවන් හමුදා නිලධාරීහු කිහිප දෙනෙක් ද සහභාගී වූහ.


    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න සහ එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් ව සිටියහ.


    HC/PS&IMU_Pix By : Nalin Hewapthirana

    Indias Air Staff Chief Calls on President Rajapaksa 1

    Indias Air Staff Chief Calls on President Rajapaksa 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya