අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 19, 2014

    ආහාර හා පෝෂණ මාසය වෙනුවෙන් ''නීරෝගී පරපුර රටේ ශක්තියයි'' යන තේමාව යටතේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය හා ජාතික පෝෂණ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

    ක්‍රියාශීලී නිරෝගී පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත්වීමට නම් ආහාරවලින් සිදු විය හැකි අහිතකර බලපෑම්වලින් වැළකීම සහ උසස් පෝෂණ මට්ටමින් යුතු ආහාර පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණි.

    ජාතික පෝෂණ පාගමන කාර්මික තාක්ෂණ ආයතනයේ තෙවැනි දොරටුවෙන් අද උදෑසන 7.00ට ආරම්භ කෙරිණි. එය ටොරින්ටන් චතුරස්‍රය හරහා කුරුඳුවත්ත පොලිසිය අසළින් ගමන් කර ආචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ බෞද්ධාලෝක මාවතෙන් පැමිණ නැවත කාර්මික තාක්ෂණ ආයතනය වෙත ළඟා විය.

    අනතුරුව කාර්මික තාක්ෂණ ආයතනයේ පැවැත්වෙන ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි. දේශීය ආහාර භාවිතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රදර්ශන කුටි 34කින් එය සමන්විත වේ.

    වසවිෂ නැති ආහාර වර්ග, සහල් වර්ග, පලතුරු, එළවළු, කැවිලි වර්ග හා පෝෂණයෙන් සපිරි අනෙකුත් ආහාර වර්ග රස විඳීමට හා මිල දී ගැනීමට මෙහි දී ජනතාවට පහසුකම් සලසා ඇත.

    ජනාධිපතිතුමා ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් වෙළෙඳ මහත්ම මහත්මීන් සමඟ සුහද කථා බහක ද නිරත විය.

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික, අමාත්‍යාංශ ලේකම් ධාරා විජේතිලක, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

    07

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya