අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයා බලනවා- ජනපති

    ජූලි 02, 2017

    ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු කාර්යයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින්  උමා ඔය ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබද සොයා බලන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින්, ඔවුන්ගේ සාමාන්‍ය ජනජීවිතය නිසි පරිදි පවත්වා ගෙන යාම සඳහා ඉටු කළ යුතු සියලු කාර්යයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබද සොයා බලන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට ඇති වී තිබෙන ගැටලු පිළිබඳ පසුගියදා ජනාධිපති නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවේදිය.

    සිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඌව පළාතේ ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ගැටලු පිළිබද එහිදී ඔවුන්  දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

    අදාළ අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා පවත්වමින් ජනතාවගේ නිවාස ගැටලු, පානීය ජල ගැටලු, වගා හානි ආදී ප්‍රධාන ගැටලු කඩිනමින් නිරාකරණය කරදීමට කටයුතු කරන බව  ජනාධිපතිතුමා මෙහිදි සඳහන් කළේය.

    ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් සමග සාකච්ඡා කර ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන පීඩාකාරී තත්ත්වය පහව යන තුරු ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නතර කිරිමේ හැකියාව සොයා බලන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම ව්‍යාපෘතිය පිළිබද අධ්‍යයනය කිරීමට නෝර්වේ රාජ්‍යයේ විශේෂඥ කණ්ඩායමක් ලබන අගෝස්තු මුල් සතියේ  දිවයිනට පැමිණීමට නියමිත අතර ජර්මන් රජයේ විශේෂඥයෙකු  මේ වන විට මේ පිළිබද අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව  සඳහන් කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ද අදහස් සහ යෝජනා අනුව පවතින ගැටලූ නිරාකරණය කරගනිමින් සහ සිදුවිය හැකි හානි  අවම කරගනිමින් , උපරිම නවීන තාක්ෂණය භාවිතා කර ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන බව ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, හරීන් ප්‍රනාන්දු, විජිත් විජයමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභා මන්ත්‍රී උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න  යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක‍ෂ පී.බී අමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya