අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කසල කළමනාකරණය සහ ඩෙංගු මර්දන වැඩසටහන් වඩා විධිමත් විය යුතුයි - ජනපති

    ජූලි 01, 2017

    කැළි කසල කළමනාකරණය සහ ඩෙංගු මර්දනය පිළිබඳ දැනට රට තුළ ක්‍රියාත්මක වැඩසටහන් වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි.

    මෙම ගැටලු රජයේ හෝ දේශපාලන පක්ෂයක ගැටලු නොව රටේ සමස්ත ජනතාවගේම ජීවිත පිළබඳ ගැටලු ලෙස සළකමින් ඒ පිළිබඳ සියලුදෙනා පුළුල් අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (30) ගම්පහ ශ්‍රීර බෝධි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය හා පරිසර සමුළුව අමතමිනි. දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා සංවිධානය කරන සෞඛ්‍ය හා පරිසර සමුළු මාලාවේ දෙවන සමුළුව මෙයයි. පළමු සමුළුව පසුගියදා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.


     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඇතැම් අවස්ථාවල ආයතනික වශයෙන් පවතින ගැටලු කැලි කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර සඳහා ගෙන යන වැඩපිළිවෙළට බාධා පමුණුවන බවයි.

     

    එබැවින් ආයතනික වශයෙන් නිසි සම්බන්ධිකරණයකින් යුතුව කටයුතු කරමින් ආණ්ඩුවක නොව සමස්ත රටේම ගැටලුවක් ලෙස සළකා මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ විධිමත් කිරීමට සියලුදෙනා  එක්විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    කැළි කසල කළමනාකරණය සහ ඩෙංගු මර්දනය පිළිබඳ රජය මීට පෙර නිකුත් කර ඇති චක‍්‍රලේඛ සහ උපදෙස් සඳහා පසුගිය කාලයට වඩා ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමා මෙහිදී සියලු ආයතනික ප‍්‍රධානින්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටී අතර මේ පිළිබද සාමාන්‍ය ජනතාව ද වඩා වැඩි අවධානයකින් කටයුතු කළයුතු බව කියා සිටියේය.

     

    ඩෙංගු රෝගය වැළැක්වීම හා පාලනය ස`දහා වන කඩිනම් අන්තර් පාර්ශ්වීය වැඩසටහන පිළිබඳ විද්වත් දේශනයක් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා විසින් මෙහිදී සිදු කරනු ලැබූ අතර පාසල් පද්ධතිය තුළ පරිසර සංරක්ෂණ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ විශේෂ දේශනය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.එස්. හේවගේ මහතා විසින් සිදු කරනු ලැබීය.

     

    එමෙන්ම කසළ කළමනාකරණය පිළිබඳ විද්වත් දේශනය පවත්වනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉංජිනේරු මහේෂ් ජයවීර මහතා විසිනි.

     

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු ද, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මේ අතර ගම්පහ තක්ෂිලා විද්‍යාලය වෙත ද ගිය ජනාධිපතිතුමා එම පාසලේ අඩු පාඩු පිළිබඳව  විමසා බැලීය.

    පාසල සඳහා ක්‍රිඩාංගණයක් සහ නව ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස එම දරුවන් කළ ඉල්ලීම පරිදි ඒ සඳහා ලක්ෂ 50 ක මුදලක් ලබාදෙන බවට ජනාධිපතිතුමා දරුවන්ට සහතික විය. අනතුරුව සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසමින් ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya