අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුරයේ පරිසර විනාශය වහා නැවැත්විය යුතුයි- ජනපති

    ජූලි 01, 2017

    රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට පවතින තත්ත්වයෙන් තවත් වසර 25 කට එහා පවත්වාගෙන යාමටනම් එහි සිදුවන පරිසර විනාශය වහා නැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    මැණික් කර්මාන්තය වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය සේම තම ඉදිරි පරම්පරාවන් වෙත එම ප‍්‍රදේශයේ ජීවත්වීමේ අයිතියද තහවුරු කරමින් එහි සිදුවන පරිසර විනාශය වැළැක්වීමට ව්‍යාපාරික ප‍්‍රජාව මෙන්ම සියලුදෙනා තම වගකීම් ඉටුකළයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ

    රත්නපුර පළාත් මහ රෝහලේ නව ඉදිකිරීම් රැසක් විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් ඊයේ (30) සිදු වූ අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවූ නායයාම් සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳ ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අනුව පෙන්වා දෙන ලද කරුණු අතර ප‍්‍රධාන කරුණක් වී තිබෙන්නේ අනවසර මැණික් ගැරීම් නිසා සිදුව තිබෙන පරිසර විනාශය ඊට හේතුවී ඇති බව යන්නද ජනාධිපතිතුමා පැවසීය.

    අද රටේ සිදුවන ඇතැම් විපත් ආණ්ඩු කරන අයගේ ග‍්‍රහචාරය අනුව සිදුවන බවට ඇතැමුන් කරන ප‍්‍රකාශ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් මත සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් සිදුවන පරිවර්තනයන්ට අද ලොව සියලු රටවල්වලට මුහුණදිමට සිදුව ඇති බවත්, පරිසර අභියෝගයන් අපට වැළැක්විය නොහැකි නමුත් සොබා දහමට අනුව හැඩගැසීමට අප කටයුතු කළයුතු බවත්ය.

    රත්නපුර පළාත් මහ රෝහලේ රුපියල් මිලියන 100 ක වියදමින් ඉදිකරන ලද නව ළමා වාට්ටුව, ලේ බැංකුව, රුධිර කාන්දු පෙරණ ඒකකය සහ X-Ray ඒකකය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    ප‍්‍රදේශයේ දානපතියන්ගේ සහ ඇමරිකන් ජාතික ලුවිස් ඇලන් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම නව ඉදිකිරීම් සිදුකර තිබෙන අතර ඇමරිකන් ජාතික ලුවිස් ඇලන් මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සමරු ඵලක නිරාවරණය කර නව ළමා වාට්ටු සංකීර්ණය සහ ලේ බැංකුව විවෘත කළ ජනාධිපතිතුමා නව ළමා වාට්ටුව සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද සිදු කළේය.

    ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය අකරැල්ලේ ඥානවංශ ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරල, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පවිත‍්‍රා වන්නිආරච්චි, ඒ.ඒ විජේතුංග යන මහත්වරුන්ද, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජයසුන්දර බණ්ඩාර, රෝහල් අධ්‍යක්ෂ එස්.ජී.එල්. රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya