අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උළෙල අද

    ජූලි 01, 2017
     
    95වන ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උළෙල අද (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමඟාමී ව ශ්‍රී ලංකාවේ 95වන සමුපකාර දිනය සමරනු ලබයි.
     
    "සැම සුරකින සමුපකාරය" යන්න මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව වී ඇත.
     
    සමුපකාරය ලොව වඩාත් ප්‍රබල පුද්ගල සංවිධානවලින් එකක් වන අතර 18වන සියවසේ දී යුරෝපයෙන් බිහි වූ සමුපකාර ක්‍රමය මේ වන විට ලොව පුරා රටවල් 95ක සමාජිකත්වය දරයි.
     
    මෙම සැමරුම් උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, සමුපකාර සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ජාතික සමුපකාර මණ්ඩලයේ සහයෝගීත්වයෙන් පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya