අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද

    ජූනි 23, 2017

    පාර්ලිමේන්තුවේ දී ඊයේ ගැනීමට නොහැකි වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය අද (23) දින පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඊයේ ඉදිරිපත් කර තිබුණු අතර, විවාදය ආරම්භ කරන අවස්ථාවේ දී යෝජනාව ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා සභා ගර්භයේ නොසිටි අතර සභාව විවාදය නොපවත්වා කල්තබන ලදී.

    මෙහිදී අඳහස් දැක්වූ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, විවාදයට කැමැත්ත ප්‍රකාශ කළත් අදාළ මන්ත්‍රීවරයා නොසිටි බවයි.

    විවාදයට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් තමන් ප්‍රසංසා කරන බව කතානායක කරූ ජයසූරිය මහතා මෙහිදී සභානායකවරයා වෙත දන්වා සිටියේ ය.

    විශ්වවිද්‍යාල සිසු ගැටුම සහ වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya