මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව - ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතුයි

    ජූනි 23, 2017

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යය නිසි පරිදි සිදු වෙන්න නම්,ඉදිරිපත් කළ වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා, ඉදිරි කටයුතු සඳහා මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසී ය.  

    8 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව පැවසී ය.

    මේ දක්වා ආයතන 110ක් විමර්ශනයට ලක් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් 26 පළමු වාර්තව පාර්ලිමේන්තුවට වාර්තා කළා. පාර්ලිමේන්තුවේ දී අයවැය සම්මත කරලා, මුදල් නිසි ආකාරයට වියදම් වෙනවාද කියන එක සොයාබලන කාර්යභාරය අපි කරන්නේ.මේ කාර්යය නිසි පරිදි සිදු වෙන්න නම්,ඉදිරිපත් කළ වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා, ඉදිරි කටයුතු සඳහා මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුනොත් වාර්තාවකට පමණයි සීමා වෙන්නේ.මෙය යථාර්තයක් වීමට නම් පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ලබාදීලා ශක්තිමත් කරන්න අවධානය යොමු කර තිබෙනවා. මේ වසර අවසන් වනවිට ආයතන 847ක පරිගණක වැඩසටහන අවසන් කර පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya