අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව සීෂෙල්ස්හි සුබසාධන වැඩසටහන් රැසක

    ජූලි 01, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ පසුගියදා සීෂෙල්ස් සංචාරයට එක් වු ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය එහිදී සමාජ සුබසාධන වැඩසටහන් රැසකට සහභාගි වූවාය.
     
    සීෂෙල්ස් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංවිධානය කර තිබූ ලේ දන්දීමේ වැඩසටහන ජනාධිපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි. සීෂෙල්ස් හි වික්ටෝරියා රෝහලේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර ලේ පරිත්‍යාග කළ අයට සහතිකපත් ප්‍රදානය ද ජනාධිපති ආර්යාව අතින් සිදු විය.
     
    සීෂෙල්ස්හි වෙසෙන ප්‍රියන්ත තැන්නගේ මහතා ඇතුළු පිරිස මෙය සංවිධානය කර තිබූ අතර සීෂෙල්ස් සෞඛ්‍ය අමාත්‍ය Mitcy Larue මහත්මිය ඇතුළු එරට දූත පිරිසක් ද අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
     
    මේ අතර සීෂෙල්ස් ළමා පදනම විසින් පවත්වාගෙන යන The President's Village ළමා ගම්මානයේ ද චාරිකාවක නිරත වූ ජනාධිපති ආර්යාව එම දරුවන්ගේ සුවදුක් විමසමින් තෑගි බෝග ද බෙදා දුන්නාය.
     
    සිය සංචාරය සනිටුහන් කරමින් සීෂෙල්ස් ජාතික භෞතික උද්‍යානයේ Bois Citron Rothmannia නමින් හැඳින්වෙන පැළයක් රෝපණය කිරීම ද ජනාධිපති ආර්යාව අතින් සිදු විය.
     
    DB
     
    01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya