අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අලුත්ගම හා බේරුවල නිරීක්ෂණ චාරිකාවක

    ජූනි 30, 2014

    අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල පසුගිය දිනවල හටගත් සිදුවීමෙන් විනාශ වූ නිවාස හා දේපළ නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ වී ඇති අතර එම කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (30) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    විනාශ වූ නිවාස හා දේපළ ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් මේ වන විටත් සිදු කෙරේ.


    පතිරාජගොඩ, දර්ගා නගරය, මීරච්චිකන්ද, වරාපිටිය, සීනවත්ත සහ අලුත්ගම නිරීක්ෂණ චාරිකාවේ යෙදෙන අතරතුර මහින්ද රාජපක්ෂ මැතිතුමා සිංහල සහ මුස්ලිම් ජනතාව හමුවී ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුණි.


    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රෝහිත අබේගුණවර්ධන සහ මේ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටින මේජර් ජෙනරාල් උභය මැදවල යන මහත්වරු ඇතුළු පිරිසක් මේ චාරිකාවට එක් ව සිටියහ.


    HC/pmu_Pix by : Nishanka de Silva

    President on an Inspection Visit to Aluthgama and Beruwala 1

    President on an Inspection Visit to Aluthgama and Beruwala

    President on an Inspection Visit to Aluthgama and Beruwala 2

    President on an Inspection Visit to Aluthgama and Beruwala 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya