අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකු, ශ‍්‍රී ලංකා රක්‍ෂණ, මිහින් ලංකා ශාඛා සීෂෙල්ස් හි විවෘත කෙරේ

    ජූනි 29, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) නිල චාරිකාවක් සඳහා සීෂෙල්ස් වෙත පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (28) සවස එරට අගනුවර දී ලංකා බැංකු ශාඛාවක්, ශ‍්‍රී ලංකා රක්‍ෂණ ආයතනයේ කාර්යාලයක් සහ මිහින් ලංකා ගුවන් සේවා කාර්යාලයක් විවෘත කළේය.


    ලංකා බැංකු ශාඛාව සහ රක්‍ෂණ ආයතන කාර්යාල වික්ටෝරියා අගනුවර නිදහස් මාවතේ කැපිටල් සිටි ගොඩනැගිල්ලෙහි පිහිටුවා තිබේ.


    සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඒ. මිෂෙල් (James A. Michel) මැතිතුමා, උප ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure), සමාජ කටයුතු, ප‍්‍රජා සංවර්ධන හා ක‍්‍රීඩා ඇමති වින්සන්ට් මෙරිටෝන් (Vincent Meriton) යන මහත්වරු ද ජනාධිපතිතුමා සමග එක් වූහ. ලංකා බැංකුවේ සභාපති හර්ෂ අබේවික‍්‍රම මහතා, රක්‍ෂණ සංස්ථාවේ අලෙවි අංශයේ සහකාර කළමනාකාරිනී නාමලී සිල්වා මහත්මිය ද සිය ආයතන නියෝජනය කරමින් පැමිණ සිටියහ.


    මිහින් ලංකා කාර්යාලය ෆ‍්‍රැන්සිස් රේචල් (Francis Rachel) මාවතේ ඊබ‍්‍රහිම් ගොඩනැගිල්ලේ පිහිටුවා තිබේ. එය විවෘත කිරීමේ අවස්ථාවට මිහින් ලංකා සභාපති නිශාන්ත රණතුංග මහතා ද එක්ව සිටියේය.


    අනතුරුව ජනාධිපතිතුමා විසින් කොළඹ නවලෝක රෝහල් සමූහයේ ශාඛාවක් ද විවෘත කරනු ලැබීය. එය වික්ටෝරියා නුවර ෆ‍්‍රැන්සිස් රේචල් මාවතේ සිටි මාට් ගොඩනැගිල්ලේ ස්ථාපනය කර තිබේ.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ සීෂෙල්ස් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් රජත පියතිස්ස යන මහත්වරු විවෘත කිරීමේ උත්සව අවස්ථාවන්ට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_

    President Open New Branches in Seychelles SL insurance

    President Open New Branches in Seychelles 2

    President Open New Branches in Seychelles BOC

    President Open New Branches in Seychelles 1

    President Open New Branches in Seychelles mihin lanka

    President Open New Branches in Seychelles mihin lanka

    President Open New Branches in Seychelles nawaloka hospitle

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya