අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා-සීෂෙල්ස් ඒකාබද්ධ කොමිසමක් : ගිවිසුම් හයකට අත්සන් තැබේ

    ජූනි 28, 2014

    ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් ජනරජය අතර ඒකාබද්ධ කොමිසමක් ස්ථාපනය සඳහා වන ගිවිසුමක් අද (28) සීෂෙල්ස් අගනුවර රාජ්‍ය මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ජේම්ස් ඒ. මිෂෙල් (James A. Michel) මැතිතුමා හමුවේ අත්සන් තැබිණ.


    ද්විපාර්ශවික සහයෝගීතා ක්ෂේත‍්‍ර හඳුනා ගැනීම, ගිවිසුම්වලට එළැඹීම, ක‍්‍රියාත්මක කිරීම, ප‍්‍රගති සමාලෝචනය, ගැටලු හඳුනා ගැනීම සහ විසඳුම් සෙවීම ඇතුළු සමස්ත ද්විපාර්ශ්වික සබඳතා යාන්ත‍්‍රණය මෙහෙයවනුයේ ඒකාබද්ධ කොමිසම මගිනි.


    මේ හැර තවත් සහයෝගීතා ගිවිසුම් 05කට ජනාධිපතිවරුන් දෙදෙනා හමුවේ අත්සන් තබනු ලැබීය.


    01.  ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනය සඳහා ගිවිසුම

    02.  සංචාරක ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සහයෝගීතා ගිවිසුම

    03.  සංස්කෘතික සහයෝගීතා ගිවිසුම

    04.  විදුලිබල අංශයේ පොදු සංවර්ධනය සහ සීෂෙල්ස් හි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා වන තාක්‍ෂණික සහ ආයෝජන සහයෝගීතා ප‍්‍රවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම සහ

    05. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අවබෝධතා ගිවිසුම


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ සීෂෙල්ස් හි සමාජ කටයුතු, ප‍්‍රජා සංවර්ධන හා ක‍්‍රීඩා ඇමති වින්සන්ට් මෙරිටෝ (Vincent Meriton) යන මහත්වරු සියලු ගිවිසුම්වලට තම රට වෙනුවෙන් අත්සන් කළහ.


    ගිවිසුම් අත්සන් තැබීමේ උත්සවයට සීෂෙල්ස් උප ජනාධිපති ඩැනී ෆෝ මැතිතුමා ප‍්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ශ‍්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ සීෂෙල්ස් හි මහ කොමසාරිස් රජත පියතිස්ස යන මහත්වරු එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_Pics:_Seychelles News Agency

    Seychelles News Agency
    Seychelles News Agency

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya