මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව්දින නිල සංචාරය නිමකර ජනපති යළි දිවයිනට

    ජූනි 30, 2014

    මාලදිවයින් හි සහ සීෂෙල්ස් හි සාර්ථක සිව් දින රාජ්‍ය චාරිකාවකින් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (29) රාත‍්‍රී යළි දිවයිනට පැමිණියේය. ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය ද එතුමා සමගින් මේ චාරිකා සඳහා එක්ව සිටියාය.


    ඊයේ සීෂෙල්ස් දිවයිනෙන් පිටත් වූ ජනාධිපතිතුමාට හා ආර්යාවට සමුදීම සඳහා සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඒ. මිෂෙල් මැතිතුමා, උප ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure), මැතිතුමා සහ විදේශ අමාත්‍ය ජෝන්-පෝල් ඇඩම් (Jean-Paul Adam) මහතා සීෂෙල්ස් අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් හමුදා ගෞරවාචාරයක් ද පිරිනැමිණි.

     
    ජුනි 25 වැනි දින මාලදිවයිනට ළඟා වූ ජනාධිපතිතුමා, එහි ගත කළ කාලය තුළ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් මැතිතුමා ඇතුළු එරට ඉහළ පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීය. ජාත්‍යන්තර වේදිකාවල දී ඉදිරියේදීත් අඛණ්ඩව ශ‍්‍රී ලංකාවට සහය දෙන බවට මාලදිවයින් ජනාධිපතිතුමා සහතික විය. මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම් මැතිතුමා ද ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා හමු විය.


    චාරිකාව අතරතුර ශ‍්‍රී ලංකාව හා මාලදිවයින අතර සෞඛ්‍යය ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ මාලදිවයින් හි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අතර සහ සෙවීම් සහ බේරා ගැනීමේ සේවා සම්බන්ධීකරණය යන ක්ෂේත‍්‍රයන් හි සහයෝගීතා ගිවිසුම් 03කට ද අත්සන් තැබිණි. දෙරටේ දූත කණ්ඩායම් අතර පැවති නිල සාකච්ඡාවල දී සබඳතා පුළුල් කර ගත හැකි නව ක්ෂේත‍්‍ර ගණනාවක් හඳුනා ගැනිණි.


    සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් මිෂෙල් මැතිතුමා සමග පැවති ද්විපාර්ශවික සාකච්ඡාවල දී ශ‍්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට කැමති බව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ප‍්‍රකාශ කර සිටියේය. එරට උප ජනාධිපති ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ද රාජපක්‍ෂ මැතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වූහ.


    ශ‍්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට අදාළ ගිවිසුම ඇතුළු ගිවිසුම්  06ක් සඳහා අත්සන් තැබීම ජනාධිපතිතුමාගේ සීෂෙල්ස් චාරිකාව අතර සිදු විය. සීෂෙල්ස් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ලංකා බැංකු, ශ‍්‍රී ලංකා රක්‍ෂණ, මිහින් ලංකා හා නවලෝක රෝහල් නව ශාඛා ද ජනාධිපතිතුමා අතින් විවෘත විය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද ජනාධිපතිතුමා සමග චාරිකාවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_

    President Rajapaksa Departs Seychelles

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya