විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(2) යටතේ විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එක් පරීක්ෂණයක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් ද අනෙක් පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( සී.අයි. ඩී ) මඟින් ද සිදු කෙරෙන බව අමාත්‍යවරයා පැවසී ය.
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට රජය සියලු පියවර ගෙන ඇතැයි ද කී අමාත්‍යවරයා,පිළියන්දල සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් තමා විසින් ඉල්ලා තිබෙන බවද පැවසී ය.
සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව කී අමාත්‍යවරයා, අහිංසක දරුවන් තිදෙනෙකු තුවාල ලබා එක් දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ද තමන් කණගාටු වන බවද අමාත්‍යවරයා පැවසී ය.