මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා සිදු කළ ප්‍රථම කතාවද මෙය වෙයි.
මේ අමාත්‍යාංශය භාරදුන් මොහොතේ මේ සපත්තු කූට්ටම ටිකක් ලොකු වැඩිද කියා මට හිතුණා. මේ සපත්තු කූට්ටම සේනානායකලා, ජයවර්ධනලා, රොනිද මැල් ලා දාගෙන ගිහින් තිබෙනවා. නමුත් මා දක්ෂ උපදේශකයින් එකතු කරගෙන ඉදිරියට යාමට මා කටයුතු කරනවා. නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනහිල්ලා රටට අවශ්‍ය ආර්ථික සංවර්ධනය ළඟා කිරීමට හැකිවීම ගැන මා සතුටු වෙනවා. මාගේ උපරිම ශක්තිම මේ සඳහා යොමු කරනවා. මා මේ වගකීම භාරගන්නේ
ණය බරින් වැටුණ ආර්ථිකයක් නිවැරැදි මාර්ගයකට යොමු කරමින් ශක්තිමත් වෙළඳපළ ආර්ථ්කයට පදනම දමා ඇති මොහොතකයි. 2015 සිට මේ දක්වා ශක්තිමත් ආර්ථික පදනමක් දැමූ රවී කරුනානායක මහතාටත් මා ස්තුතිවන්ත වෙනවා. පසුගිය දා මී තොටමුලලේ සිදු වූ ඛේදවාචකය දුටු වේලාවේ මට හිතුණා ඒ ඛේදවාචකය සංකේතවත් කරන්නේ 2015 ජනවාරි ද 08 අපට භාරගන්න සිදු වූ රට හැටියටයි. අප රට භාර ගන්න විට මේ රටට කුණු කන්දක් වී තිබුණා. එක පැත්තකින් මීනි කන්දක් තිබුණා. ජනමාධ්‍යවේදීන්ගේ, වතුර ඉල්ලන දරුවන්ගේ ජීවිත බිලිගෙන තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව හුදකලවෙලා තිබුණා.
අපේ කැමැත්ත නොවිමසා අපට විරුද්ධව පරීක්ෂණයක් සිදු කිරිමට එක්සත් ජානීත‍්ගේ සංවිධෘනය කටයුතු කර තිබුණා. අනෙක් පැත්තෙන් විශාල ණය කන්දක් තිබුණා. බිලියන 8503ක ණයක් තිබුණා. ගජමිතුරු ආර්ථිකයක් නිසා රට තුළ භාණ්ඩාගාරය තුළ මූල්‍ය විනය සම්පූර්ණෙයෙන් විනාශ වෙලා තිබුණා. ණය කන්දය අපි මේ වන විටත් සාර්ථකව මුහුණ දී හමාරයි.
යුරෝපයට මාළු විකුණන අයිතියත් අපට එදා නැති වුණා. නමුත් අපේ ආණ්ඩුවේ වසර දෙක සම්පූර්ණ වෙන්න කලින් ජී එස් පී ප්ලස් ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාට හා අගමැතිතුමාටත් ස්තුති වන්ත වෙනවා. ලංකාවේ අපේ නායකයින්ට අද ඕන තැනකට යන්න් පුළුවන්. වොෂින්ටනයේ ධවල මන්දිරයේ සිට, ජපානයට, ඉන්දියාවට, යුන්න පුළුවන්. අදත් ජනාධිපතිතුමා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා.
1953න් පසුව තමයි මේ වැනි සංචාරකයක් ගොස් තිබෙනවා. මේවා නිල සංචාරයන්. ලංකාවේ නායකයකුට වසර හතලිස් ගණනකට ඉන්දුනිසියාවටත් එන්න් කියා තිබුණේ නැහැ. නමුත් අපේ ජනාධිපතිතුමාට ආරධනා ලැබුණා. එතුමා ඉන්දුනිසායාවේ ගියා. මිනි කන්ද නිසා ලංකාව පිළිබඳ ලෝකයේ ඇති වුණ ගඳ අපි නැති කළා.
පසුගිය මාර්තු මාසයේ විසි ගණන් වල ලංකාව වෙනුවෙන් රටවල් 48ක් පෙනී සිටියා. ලංකාවත් එක්ක හිටගත්තා. ඒ කියන්නේ ලෝකයෙන් හතරෙන් එකක් අපි එක්ක හිටගත්තා. යුරෝපීය පාර්ලිමේන්තුවේ ලංකාවට විරුද්ධව විශේෂයෙන් අන්තවාදීන් විසින් ජීඑස්පී ප්ලස් දෙන්න එපා කියා යෝජනා ගෙනෙද්දි අපේ රටට රටවල් හාරසියය ගණනක් ඡන්දය දුන්නා.
අපි තවමත් ණය කන්දක් එක්ක පොර බදිනවා. කඩා වැටුණ ආර්ථිකයක් තමයි අපට තිබුණේ. අපිළිවෙළට තිබුණ ආර්ථිකයක් තමයි ලැබුණේ. මූල්‍ය කාර්ය සාධනය, විදේශ ගනුදෙනු, විදේශ සංචිත, රාජ්‍ය මූල්‍ය තත්ත්වය, මූල්‍ය විනිමය අනුපාතයන් එදා අසතුටුදායක තත්ත්වයක තිබුණේ. මේ වන විට නිවැරැදි ආර්ථිකයකට අපි පැමිණි තිබෙනවා.
එවැනි මොහොතකයි මා ඇමැති ධූරය හිමිව තිබෙන්නේ. පෞද්ගලික අංශය අපේ රටේ ගාමක බලවේගය ලෙස මා හිතනවා. ඒ නිසා ඔවුන්ගේ දායකත්වයත් ආර්ථික දියුණුව සඳහා යොදා ගන්නවා. ස්වභාවික සම්පත් ඉහළ රටක් හැටියට අවාසනාවකට අපිට සංවර්ධනය කිරිමට හැකි වුණේ නැහැ.
ත්‍රස්තවාදීන් කොටස් දෙකක් තිබෙනවා.ඔවුන් බොහොම කෲර අන්දමින් ඝාතන සිදු කළා. උතරේ මැරුණත් දකුණේ මැරුණත් ඔවුන් ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ගේ මේ තත්ත්වය නිසා තමයි ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වුණේ. ආර්ථික සමෘද්ධියේ දැක්ම අපි ළඟා කරගැනීමට පෞද්ගලික අංශයටවැඩි අවස්ථාවක් ලබාදිය යුතුයි. අපේ ආණ්ඩුවේ ක්‍රියාදාමය අනුව දේශිය හා විදේශිය වශයෙන් ණයභරතාවය අඩු කිරිමට කටයුතු කරනවා.ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවෘත ආර්ථිකයේ පාදක ලක්ෂණ තවමත් දක්නට තිබෙනවා. මේ නිසා තවදුරටත් අපි ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වාදෙනවා. 2025 වනවිට ඉන්දියානු සාගරයේ අර්ථික මරමස්ථානයක් ඇති කිරීමට අප කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.