රාජ්‍ය සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (23) දහවල් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.
අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පා.ම හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.