මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සීෂෙල්ස් වෙත ළඟා වෙයි

    ජූනි 27, 2014

    සාර්ථක දෙදින මාලදිවයින් රාජ්‍ය චාරිකාව නිමවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (27) පස්වරුවේ පොලාරී (Pointe Larue) සීෂෙල්ස් අන්තර්ජාතික ගුවන් තොටුපළින් සීෂෙල්ස් ජනරජය වෙත ළඟා විය.


    ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය ද එතුමා සමග එක්ව සිටින්නීය.


    සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඒ. මිෂෙල් (James Michel) මැතිතුමා, උප ජනාධිපති ඩැනී ෆෝරේ (Danny Faure), සීෂෙල්ස් ජනරජයේ ශ‍්‍රී ලංකා තානාපති රජත පියතිස්ස සහ සීෂෙල්ස් හි ගරු කොන්සල් එරල් ෆොන්සේකා (Errol Fonseka) යන මහත්වරු ජනාධිපතිතුමා ගුවන්තොටුපළේ දී මහත් හරසරින් පිළිගත්හ.


    ගෞරවාචාරය පිළිගැනීමෙන් පසු ජනාධිපතිතුමා සැවෝයි නිකේතනය බලා පිටත් විය.


    සෙනසුරාදා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් මිෂෙල් (James Michel) මැතිතුමා සමග ද්විපාර්ශවික සාකච්ඡාවට සහභාගී වෙයි. අනතුරුව ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයක් අත්සන් තැබෙයි. දහවල් වික්ටෝරියා අගනුවර ස්ථාපිත  ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීමට ද නියමිත යි.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග චාරිකාවට එක්ව සිටිති.

     

    Sri Lankan President Rajapaksa arrives in Seychelles

    Sri Lankan President Rajapaksa arrives in Seychelles 1

    Sri Lankan President Rajapaksa arrives in Seychelles 2

    Sri Lankan President Rajapaksa arrives in Seychelles 3


    HC/NP_PS&IMU_Pix By: Sudath Silva/Seychelles News Agency

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya