මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඔබේ චාරිකාව අපේ සබඳතාවල කඩඉමක්" මාලදිවයින් විදේශ ඇමතිනී ජනපතිට කියයි

    ජූනි 27, 2014

    "මේ ඔබතුමා මාලදිවයිනට පැමිණි පස් වැනි අවස්ථාව. එසේම ඔබතුමා අපේ වත්මන් ජනාධිපතිතුමා ධුරය භාරගත් පසු අප රටට පැමිණි ප‍්‍රථම රාජ්‍ය නායකයා. ජනාධිපතිතුමනි, ඔබේ චාරිකාව අපේ මිතුරු සබඳතාවල තවත් කඩඉමක්" යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වූ මාලදිවයින් විදේශ ඇමතිනී දුන්යා මවුමූන් (Dunya Maumoon) මහත්මිය ඊයේ (26) කුරුම්බා දිවයිනේ සංචාරක නිකේතනයේ දී ප‍්‍රකාශ කළාය.


    ද්විපාර්ශවික සබඳතා අඛණ්ඩව වර්ධනය වීම ගැන සතුට පළ කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා තමා ඇතුළු දූත පිරිසට ලැබුණු උණුසුම් පිළිගැනීම හා සුහද සත්කාර පිළිබඳව ද ස්තුතිය පුද කළේය.


    විදේශ ඇමතිනිය සහ ජනාධිපතිතුමා අතර කථාබහේ දී කලින් දා නිල සාකච්ඡාවට බඳුන් වූ විෂයය ගැන තවදුරටත් අදහස් හුවමාරු කර ගන්නා ලදී. කලාපීය රටවල අභිවෘද්ධිය සඳහා සාර්ක් සංවිධානය (දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය) ශක්තිමත් කිරීම තීරණාත්මක සාධකයක් බව පිළිගත් ජනාධිපතිතුමා සහ මාලදිවයින් විදේශ ඇමතිනිය එය කළ යුත්තේ සාමාජික රටවල ලොකු කුඩා බව, ප‍්‍රබල දුබල බව වැනි වෙනස්කම් නොතකා සමානාත්මතා පදනමකින් යයි අවධාරණය කළහ.


    “ශ‍්‍රී ලංකාව අපට බොහෝ උපකාර කොට තිබෙනවා. මාලදිවයිනත් අන්තර්ජාතික වේදිකාවේ දී ශ‍්‍රී ලංකාවට දිගටම සහය දුන්නා. ඒ සහයෝගය ඉදිරියටත් ස්ථිරයි“ දුන්යා මවුමූන් ඇමතිනිය සහතික වූවාය.


    පොදු රාජ්‍ය මණ්ඩලය කෙරෙහි අවධානය යොමු කළ දෙපාර්ශවය මේ සංවිධානය දේශපාලන අරමුණු සඳහා උපයෝගී කොට ගැනීමේ උත්සාහයක් ඇති බැවින් එබඳු ප‍්‍රවණතා පරාජය කොට එය නිසි මගට ගැනීම අවශ්‍ය බවට එකඟත්වය පළ කළහ.  


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ මාලදිවයින් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඩික්සන් දෑල මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_Pix by: Sudath Silva

    Dunya Maumoon meet president rajapaksa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya