අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් ආරක්‍ෂක සේවා සංවර්ධනයට ශ‍්‍රී ලංකාවේ සහය පතයි

    ජූනි 27, 2014

    මාලදිවයින් රාජ්‍යයේ ආරක්‍ෂක සේවා සංවර්ධනය සඳහා අවශ්‍ය දැනුම, පුහුණුව සහ වෙනත් පහසුකම් අත්කර ගැනීමට උදව් කරන්නැයි මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍ය කර්නල් (විශ‍්‍රාමික) මොහොමඩ් නසීම් (Mohamed Nazim) මහතා ඊයේ (26) කුරුම්බා දිවයිනේ සංචාරක නිකේතනයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වී ඉල්ලීමක් කළේය. තම රට කඩිනමින් සපුරා ගැනීමට අපේක්‍ෂා කරන ආරක්‍ෂක ප‍්‍රමුඛතා ගණනාවක් ඇමතිවරයා ජනාධිපතිතුමා හමුවේ තැබීය.


    සෙබළ පුහුණුව ඇතුළු අංශ කිහිපයක දැනටමත් සැපයෙන උපකාරවලට අමතරව සෙසු ඉල්ලීම් විමර්ශනය කොට හැකි අයුරින් ඉටු කිරීමට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා එකඟත්වය පළ කළේය.


    ආරක්‍ෂක ක්ෂේත‍්‍රයට ශ‍්‍රී ලංකාවෙන් ලැබෙන සහය පිළිබඳව කෘතඥතාව පළ කළ මොහොමඩ් නසීම් මහතා, එහිලා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉටු වන සේවය අගය කළේය. ඉන්දීය සාගරයේ පිහිටි දෙරටක් වශයෙන් අන්‍යෝන්‍ය උපකාරයට අමතරව කලාපයේ ස්ථාවරත්වය සඳහා ද මෙවැනි සහයෝගීතාවක් තිබීම උපකාරී වන බව ඔහු පෙන්වා දුන්නේය.


    මුහුදේ දී විපතට පත් වන අය සෙවීම සහ බේරා ගැනීම, ආපදා කළමනාකරණය, සමුද්‍ර දූෂණය වළක්වා ගැනීම, තම සෙබළුනට කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ අධ්‍යාපනය සහ පුහුණුව ලබා ගැනීම, ආරක්‍ෂක සේවාවන්හි සෞඛ්‍යය පහසුකම් සම්පාදනය, සෙබළුන් සඳහා වෛද්‍ය කඳවුරු සංවිධානය, සිය සාගර කලාපයේ ආරක්‍ෂාව සහ බුද්ධි අංශ අතර සහයෝගීතාව මාලදිවයින් රාජ්‍යය ශ‍්‍රී ලංකාවෙන් උදව් අපේක්‍ෂා කරන ක්ෂේත්‍ර ලෙස නසීම් මහතා විසින් නම් කරනු ලැබීය.


    ඇතැම් අන්තර්ජාතික බලවේග රටවල් අස්ථාවර කිරීමේ ප‍්‍රයත්නයක නිරතව සිටින බැවින් මාලදිවයින් රාජ්‍යය රටේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සුපිරි බලකායක් නිර්මාණය කර ඇති බව කී ඇමතිවරයා ඊට අයත් සෙබළුනට ගුවන් සටන් පුහුණුව ලබා දෙන්නැයි තවත් ඉල්ලීමක් කළේය. ඊට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ එකඟත්වය පළ විය. සිය වෙරළාරක්‍ෂක බලකායට අයත් බෝට්ටු ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ හැකියාව විමසූ ආරක්‍ෂක ඇමතිවරයා ඒ සඳහා ලංකා බැංකුව මගින් ණය පහසුකම් සලසන ලෙසට යෝජනා කළේය.  


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ මාලදිවයින්හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඩික්සන් දෑල මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_Pix by: Sudath Silva

    Mohamed Nazim called on President Mahinda Rajapaksa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya