අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ජවිපෙ ක්‍රියාකාරීන් රැසක් ජනපතිට සහය පළ කරති

    ජූනි 21, 2014
    පසුගිය කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැප වී ක්‍රියා කළ ක්‍රියාකාරීන් රැසක් ඊයේ (20) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී සහය පළ කළහ.


    මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා අපේක්ෂකයන්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, හිටපු ආසන සංවිධායකවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, ශිෂ්‍ය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඒ අතර වේ.

     

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සහ සංවිධායකවරුන් විසින් මහනුවර දිස්ත්‍රික් සංසදය නමින් සංවිධානයක් ද පිහිටුවා ගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය කෙරෙහි කලකිරුණු එහි සාමාජිකයන් ද මේ සංවිධානය හා ඒකරාශී කර ගැනීමට ඉදිරියේදී මධ්‍යම පළාත තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    එහි කැඳවුම්කරු ලෙස මිනිපේ ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී නන්දරත්න දිසානායක මහතා කටයුතු කරයි.

     

    මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, රටට එල්ල වූ අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ 2005 ජනාධිපතිවරණයේදී ජවිපෙ ජනාධිපතිතුමාට සහය පළ කළද අද එම පක්ෂය රජයේ ගමනට විවිධ වූ බාධක ඇති කරමින් අධිරාජ්‍යවාදී ගැති ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවයි.

     

    2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් ඉටුකිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය. එබැවින් අද සටන් පාඨ නොමැති ජනතා විමුක්ති පෙරමුණු නායකත්වය රජයට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මේ ක්‍රියාකලාපයට එරෙහිව පෙළගැසීමට එහි පැරණි සාමාජිකයන් තීරණය කළ බව සඳහන් කළ ඒ මහතා 2005 ජනාධිපතිවරණයේදී මෙන් ම ඉදිරියට පැමිණෙන ජනාධිපතිවරණවලදී ද ජනාධිපතිතුමාට දිය හැකි උපරිම සහය ලබාදීමට තීරණය කළ බව පැවසීය.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya