අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති "කැන්ඩි සිටි සෙන්ටර්" වෙළෙඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

    ජූනි 21, 2014
    බෝගම්බර බන්ධනාගාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා නිල වශයෙන් රජයට භාරදීමේ උත්සවයට ඊයේ (20) සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුව කැන්ඩි සිටි සෙන්ටර් (KCC) වෙළෙඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    එහි කටයුතු අධීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි ඇති රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකු වෙතත් වෙනත් ව්‍යාපාරික ස්ථාන වෙතත් ගොස් එහි කටයුතු පිළිබඳ සොයා බැලීය.

     

    කාර්යමණ්ඩල මෙන්ම වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න, කැන්ඩි සිටි සෙන්ටර්හි අධිපති තුසිත විජේසේන යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Chancana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya