අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘රතුගල විදුලි ව්‍යාපෘතිය’ හෙට ජනපති අතින් ජනතා අයිතියට

    ජූනි 22, 2014
    ඌව උදානය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක "රතුගල විදුලි ව්‍යාපෘතිය" හෙට (23) පෙරවරු 10.00ට රතුගල ගල්ගමුව මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
     
    ඌව උදානය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 305ක මුදලක් වැය කර තිබේ. මේ හරහා අරුල උහන, මුල්ලේගම, රන්පහ අරාව, රත්මල්ගම ඇල්ල, නෙල්ලියද්ද, පේලියගම, බුබුළුයාය, නෙල්ලියද්ද හදබිම - 06, රතුගල ගල්ගමුව, ගල්ගමුව - 02, මීයන්තලාව, නවසිරිපතන, නිල්ගල මල දඹේ, නිල්ගල සේරාව, නිල්ගල, වැද්දා බැදිහින්න, බුළුපිටිය, පේරාණ, පිට කුඹුර දිගුව, කරාඬුගල, හැකලන්දෙනිය, බුළුපිටිය වසම, මැදලන්ද, කරාඩුගල මහගම හා කරාඬුගම පිටවෙල ආදී ගම්මාන 25ක නිවාස 1391 කට විදුලිය සැපයේ.
     
    රතුගල සුදාල වන්නිලා ඇත්තෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට ඇත.
     
    විදුලිබල හා බලශක්ති ඇමති පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ප්‍රේමලාල් ජයසේකර, වනජීවී සම්පත් සංරක්ෂණ ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya