අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්තල ගුවන්තොටුපළ ඉන්ධන සැපයුම් පර්යන්තය සහ ඉන්ධන සේවා සැපයුම් පද්ධතිය විවෘත කෙරේ

    ජූනි 22, 2014
    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අභිනව ගුවන් යානා ඉන්ධන සැපයුම් පර්යන්තය සහ ඉන්ධන සේවා සැපයුම් පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (22) පස්වරුවේ විවෘත කෙරිනි. මෙහිදී ජනාධිපතිතුමාගේ සුරතින් පළමු ගුවන් යානය සඳහා ඉන්ධන නිකුත් කිරීමද සිදු විය.
     
    මෙම ඉන්ධන සේවා සැපයුම් පද්ධිතය විවෘත කිරීමත් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෝකයේ තිබෙන ඉහළම පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් බවට පත් වනු ඇත.
     
    මෙම ඉදිකිරීමත් සමඟ මත්තල ගුවන් යානා තෙල් පර්යන්තය වර්තමාන ඉන්ධන ධාරිතාව ඉන්ධන ලීටර් මිලියන 03ක් වන අතර ලොව දැනට භාවිතා කරන උසස් තාක්ෂණික මෙවලම්වලින් යුක්තව ගුවන් යානා තෙල් සැපයුම් පද්ධතිය, ගිනි නිවීමේ ඒකක සහ ගිනි අනතුරු හඳුනාගැනීමේ ඒකකය ඇතුළුව ගුවන් යානා තෙල් සැපයුම් අංශයේ සියලු පහසුකම් සහිතව මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තෙල් සැපයුම් පර්යන්තය ඉදිකර ඇත.
     
    මේ සඳහා රුපියල් බිලියන 05ක ආයෝජනයක් කර ඇති අතර ලොව ඕනෑම ගුවන් යානයකට ඉන්ධන සැපයීමේ ධාරිතාවයකින් යුක්තව ඉදිකර තිබේ. ආරක්ෂාව පිළිබඳ ඉහළම සහතිකයකින්ද සමන්විතය.
     
    සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර ඉන්ධන සේවා සැපයුම් පද්ධතිය විවෘත කළ ජනාධිපතිතුමා ඉන්ධන සැපයුම් පර්යන්තයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ප්‍රධාන මෙහෙයුම් පද්ධතියද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයකට ලක් විය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සරත් කුමාර ගුණරත්න, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගීතාංජන ගුණවර්ධන, සරණ ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එස්. අමරසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    HE mattala oil 1
     
     
    HE mattala oil 2
     
    HE mattala oil 3
     
    HE mattala oil 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya