අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිය සඳහා විශ්වවිද්‍යාලයේදී ඉංග්‍රීසි භාෂාවට නියමිත ලකුණු ලබා ගැනීම අනිවාර්යයි

    ජූනි 20, 2014

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉංග්‍රීසි ප්‍රවීණතාව සමත්වීම අනිවාර්ය වන බවත් උපාධිය ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය අනුව ඉංග්‍රීසි භාෂාවට නියමිත ලකුණු ලබා ගැනීම අනිවාර්ය වන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    56 ජාතික භාෂා ප්‍රතිපත්තිය නොතිබුණා නම් සාමාන්‍ය ගොවි පවුල්වල දරුවන්ට ඉහළට යා නොහැකියි. අද ඉන්න මහාචාර්යවරුන්, විද්වතුන්, ගුරුවරුන් ඉංග්‍රීසි බැරි වුණත් ඉදිරියට ඇවිත් පසුව ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මේ නිසා මේ රටේ විශාල ආර්ථික, සමාජ පෙරළියක් සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා අද වන විට ඉංග්‍රීසි භාෂා දැනුමේ අවශ්‍යතාවක් පවතින බවත් පැවසීය.


    මේ සඳහා විශ්වවිද්‍යාලවල පාඨමාලාවලින් 75%ක් ඉංග්‍රීසි භාෂාවෙන් කරගෙන යන්න කටයුතු කර තිබේ. ඇතැම් විශ්වවිද්‍යාලවල කලා අංශයේ දේශන 100%ක්ම ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක බවත් ඉංග්‍රීසි දැනුම අධ්‍යයනය ඉතා වේගවත් වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya