අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස සංවර්ධන අධිකාරිය 2012 සිට මිලියන 1051ක ලාභයක් ලබා තිබෙනවා

    ජූනි 20, 2014

    නිවාස සංවර්ධන අධිකාරිය 2012 සිට මේ දක්වා රුපියල් මිලියන 1051ක ලාභයක් ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    එමෙන් ම නිවාස සංවර්ධන අධිකාරිය 2015 වර්ෂය සඳහා රුපියල් මිලියන 1538ක් හා 2016දී රුපියල් මිලියන 1709 ලාභයක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන්  අද (20) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    අද වන විට එහි ඇති ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් මිලියන 100ක් ද සංචිත ප්‍රමාණය රුපියල් මිලියන 80917ක් වේ. සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් නාගරික සංවර්ධන අධිකාරියේ නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya