මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් දෙසට ශ්‍රී ලංකාව යොමුවිය යුතුයි

    ජූනි 20, 2014

    ඉදිරි කාලයේදී දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් කෙරෙහි මේ රට යොමු විය යුතු බවත් අපේ රටේ කළ යුතු වෙනස්කම් අතර අධ්‍යාපනය හා මානව සම්පත සංවර්ධනය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 2013 වාර්ෂික වාර්තාව පිළිබඳ ව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ විවාදය පිළිබඳ යෝජනාව ස්ථිර කරමිනි. එම යෝජනාව පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


    ද්විතීයක හා තෘතීයක අධ්‍යාපනය පුළුල් කළ යුතුයි. දැනුම කේන්ද්‍රීය ආර්ථිකය තුළ නව පර්යේෂණ හා සොයාගැනීම් ආදිය සම්බන්ධයෙන් ඇති පහසුකම්වලින් පසුගාමී මට්ටමක සිටියත් පාසල්, විශ්වවිද්‍යාල මට්ටමින් වැඩි දිරිගැන්වීමක් සිදු කරනු ඇත. පරිගණක තාක්ෂණය, අන්තර්ජාල භාවිතය ශීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතී. විදුලි සංදේශ අංශයේ දියුණුවත් සමඟ අන්තර්ජාල භාවිතය කෙරෙහි වැඩි වැඩියෙන් යොමුවීමක් සිදු වන බව ඔහු පෙන්වා දුන්නේය.


    සෑම දරුවෙකුටම පරිගණක පහසුව සැලසීම දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සිදු කළ යුතුයි. නව ප්‍රවණතාවක් සමඟ තාක්ෂණික දැනුම, ඉංග්‍රීසි දැනුම ලබා දිය යුතුයි. මෙය විශ්වවිද්‍යාල මට්ටමින් කළ හොත් ඉතා හොඳ බව පැවසූ මන්ත්‍රීවරයා සේවා අංශය දියුණු කරන්න කටයුතු කළා සේම කර්මාන්ත අංශයත් ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට ආයෝජන කළ යුතු බව පැවසීය.


    මෝටර් රථ එකලස් කිරීම, පරිගණක නිෂ්පාදන අංශය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි නම් විදේශ විනිමය උපයා ගත හැකියි. කෘෂි අංශය දියුණු කරන්න අවශ්‍යයි. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් මිදිය යුතුයි. මේ රටේ රාජ්‍ය අංශය ලක්ෂ 14කින් ඉහළ නැංවීමට මහින්ද රාජපක්ෂ රජය යටතේ කටයුතු කළා. රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයක් එකතු කර ගෙන මේ රට ඉදිරි ගමනක් යාමට කටයුතු කළ යුතු යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya