අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල සඳහා සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ භාෂා විද්‍යාගාර

    ජූනි 20, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි විශ්වවිද්‍යාල සඳහා සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ භාෂා විද්‍යාගාර ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    පේරාදෙනිය විශ්වවිද්‍යාලය සඳහා අංග සම්පූර්ණ භාෂාගාරයක් ඉදිකර ඇති අතර 21 වන සියවසේ උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ කලා විෂයන් හදාරණ සිසුන් සඳහා මේ වසර අවසන්වීමට පෙර ශාස්ත්‍ර පීඨයට භාෂා විද්‍යාගාරයක් ඉදිකිරීමට කටයුතු කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලය සඳහා බහුමාධ්‍ය භාෂාගාර 04ක් ස්ථාපිත කර ඇත. එසේ ම මොරටුව හා රුහුණු විශ්වවිද්‍යාල සඳහා භාෂාගාරයක් ඉදිකිරීමේ මූලික කටයුතු සැලසුම් කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.


    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විටත් අංග සම්පූර්ණ භාෂාගාරයකින් සමන්විත වේ. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඒකකය භාෂාගාරයක් ලෙස ගොඩනැගෙමින් පවතී. අග්නිදිග විශ්ව විද්‍යාලයේ නවීන පහසුකම්වලින් සමන්විත භාෂාගාර 02ක් ඇති අතර  රජරට, සබරගමුව, වයඹ හා ඌව වෙල්ලස්ස සඳහා ද භාෂා විද්‍යාගාර ස්ථාපිත කර ඇත. සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා අංග සම්පූර්ණ භාෂා විද්‍යාගාරයක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත් විශ්වවිද්‍යාල මට්ටමන් භාෂා විද්‍යාගාර පහසුකම් සැපයීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya