අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා සතොස දිගටම ලාභ ලබනවා

    ජූනි 20, 2014
    ලංකා සතොස ආයතනය 2013 වර්ෂය සඳහා රුපියල් මිලියන 881.4ක ලාභයක් ද 2014 වසරේ මේ වන විට රුපියල් මිලියන 88.8ක ලාභයක් ද ඉපැයීමට සමත්ව ඇති බව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාශය පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යතුමාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාගත කරන ලද පිළිතුරක මේ බව සඳහන් වේ.

     

    2012 වර්ෂය සඳහා උපයා ඇති ලාභය රුපියල් මිලියන 652.2කි. මීට අමතරව 2015 සඳහා රුපියල් මිලියන 1,643ක් හා 2016 සඳහා රුපියල් මිලියන 2,183ක ලාභයක් ලැබීමට ද අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 

     

    අද වන විට ලංකා සතොස ආයතනයේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 836.9ක් වන අතර රඳවාගත් ලාභය වන්නේ රුපියල් මිලියන 1,711.5ක් වේ. එම ආයතනයේ සේවක අතිරික්තයක් ද නොමැත. එසේම කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන හා දිගු කාලීන ණය නොමැති බවත් එම පිළිතුරෙහි සඳහන් වේ. 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya