අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සියලු ම ජාතීන් සහජීවනයෙන් කටයුතු කරනවා - ජනපති

    ජූනි 20, 2014

    නිර්මල බුදු දහමේ ආනුභාවයෙන් පෝෂණය වූ අභිමානවත් සංස්කෘතියක් මෙන්ම ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් ද හිමි ශ්‍රී ලංකාවේ සියලු ම ජාතීන් මනා සහජීවනයකින් යුතුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.


    තිස්වසරක් තිස්සේ තිබූ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් සම්පූර්ණයෙන්ම රට මුදා ගෙන සාමයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ ස්ථාපිත කර ඇති නිසා සියලු ම ජාතීන්ට තමතමන්ගේ ආගම් නිදහසේ අදහමින් රිසිසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය උදාකර දී ඇති බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ රටවල් රැසක් නියෝජනය කරමින් ලංකාවට පැමිණි විදෙස් බෞද්ධ ධර්ම දූත පිරිසක් පසුගිය (18)වනදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.මෙතරම් වාසනාවන්ත රටක එකිනෙකා අතර සුහදත්වය වර්ධනය කරමින් සියලු ම ජනයා සහෝදරත්වයෙන් යුතුව ජීවත් වෙමින් සිටින මෙවන් අවදියක එය ඉවසා දරාගත නොහැකි ඇතැම් සුළු පිරිසක් රට ගැන වැරදි තොරතුරු සපයමින් ජාත්‍යන්තරව රට අපකීර්තියට පත් කිරීමේ අසාර්ථක උත්සායක නිරත වෙමින් සිටින බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය.

    කවුරුන් විසින් කුමක් කීවත්, රටක සාමය මෙන්ම ලෝක සමාය රදා පැවැත්ම සඳහා උතුම් සම්බුදු දහමේ පූර්වාදර්ශයන් මහෝපකාරී වන බව පවසන ජනාධිපතිතුමන්, අපේ රටේ පවතින එකමුතු කම සියැසින් දැක බලා ගැනීම සඳහා මෙවන් විදෙස් ධර්ම දූත පිරිස්  පැමිණීම අගය කොට සලකන බවත් පැවසීය.

    ශ්‍රී බෝධිරාජ පදනමේ ආරාධනයෙන් මෙරටට පැමිණි මෙම විශේෂ බෞද්ධ ධරම් දූත පිරිසේ ප්‍රධානත්වය දරණ අතිපූජ්‍ය හයි තාඕ නායක  ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් ධර්ම කීර්ති ශ්‍රී ගෞරව සම්මානයද පිරි නැමූ අතර, ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ද උන්වහන්සේ වෙත උපහාර දැක්විය.

    දින දහයක්පුරා දිවයිනේ සිව්දෙස වැඩම කළ තමන් වහන්සේ ඇතුළු අනෙක් දූත පිරිසට ශ්‍රී ලාංකේයන්ගේ ප්‍රබෝධයත්, සාමකාමීත්වයත් මනාව දැක බලා ගැනීමට හැකි වූ බවත්, කුරිරු යුද්ධයකින් අත්මිඳුණු රටේ වත්මන් අන්තර් ආගමික බැඳීමත්, ජාතීන් අතර එකමුතුවත් මෙන්ම කඩිනම් සංවර්ධනයත් අනෙකුත් රටවලට ආදර්ශයක් වන බවත් හයි තාඕ නායක  ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙහිදී අදහස් දක්වමින් පැවසූහ.

    දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB/PMU

    Foreign Buddhist delegation calls on Presiden2

    Foreign Buddhist delegation calls on Presiden3

    Foreign Buddhist delegation calls on Presiden4Foreign Buddhist delegation calls on Presiden5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya