අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධාගම පිළිබඳ කටයුතුවලදී රජයට උපදෙස් දෙන බෞද්ධ උපදේශක කාරක සභාව ස්ථාපිත කෙරේ

    ජූනි 19, 2014
    බෞද්ධාගම සම්බන්ධ කටයුතුවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ රජයට උපදෙස්  හා අනුශාසනා ලබාදීම සඳහා වන බෞද්ධ උපදේශක කාරක සභාව ස්ථාපිත කිරීම ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි සිදු කෙරිණි.


    මල්වතු පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

     

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක යන මහත්වරු ද මේ සඳහා එක් ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya