අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔළු පලා රෝහලට යැව්වේ එජාපයයි

    ජූනි 19, 2014

    මේ රටේ සියලුම උපාධිධාරීන්ට අපි රැකියා සපයන බවත් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔළු පලා රෝහලට යැව්වේ එක්සත් ජාතික පක්ෂ රජය බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප හා පාරිතෝෂිකය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    මේ රටේ සියලුම උපධිධාරීන්ට අපි රැකියා සපයනවා. උපාධිධාරීන් 56000කට අපි රැකියා ලබාදුන්නා. ගිය වසරේ තවත් 50000කට රැකියා ලබාදුන්නා. එදා මාතරදි උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කළාම ඔවුන්ගේ ඔළු පලලා මාතර රෝහලට යැවුවා. රැකියා ඉල්ලපු උපාධිධාරීන්ගේ ඔළු පලලා පොලිසි ගෙනිච්චේ කවුද කියලා අපි දන්නවා.


    එදා රැකියා දුන්න නම් ඔළු පලන්න, ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය වගේම රාජ්‍ය අංශයත් රැකගෙන දියුණු කළ එකම රජය අපේ රජයයි. ඒ වගේම ජනතාව දන්නවා රාජ්‍ය සේවයට හිතකර ආණ්ඩුව මොකක්ද කියලා. කවුද? රාජ්‍ය සේවය දියකර හැරියේ කියලා.


    සජිත් ප්‍රේමදාස මහත්තයාගේ යෝජනාව හා ස්ථිර කළ මන්ත්‍රීතුමාගේ ජවනිකා දිහා බැලූ විට මම මෙයට චිත්‍රපටි නමක් දෙනවා ‘කපටි ආරක්ෂකයා‘ කියා. මොකද මේ දෙන්නම හැසිරුණේ කපටි ආරක්ෂකයෝ විදිහටයි. 2003න් පසුව  රාජ්‍ය සේවයට බැඳෙන අලුත් අයගෙන් 8%ක් කපා ගෙන තමයි පාරිතෝෂිකය හදන්න චොක්සි මහත්තයා යෝජනා ඉදිරිපත් කළේ. ඒ වගේම ඔවුන් එම පාරිතෝෂිකය හැදුවේ සේවකයගෙන් ටිකයි, රජයෙන් ටිකයි එකතු කරලා. එහෙත් අපේ රජය සම්පූර්ණයෙන්ම එය ගෙවන්න කටයුතු කළා. එදා එජාපය අලුතෙන් සේවයෝ බඳවා ගත්තේ නැහැ. පුරප්පාඩු පිරෙව්වේ නැහැ. රාජ්‍ය සේවකයින් අඩු කර තුළින් මුදල් ඉතුරු කර ගැනීම තමයි චොක්සිගේ යෝජනාවල තිබුණේ.  පැහැදිලිවම දැන් රාජ්‍ය සේවය පුළුල් වෙලා වැඩියි කියන අදහසයි එජාපයට තිබුණේ. රාජ්‍ය සේවය කප්පාදු කළ ‍ක්ෂය කළ එකම රජය එජාපයයි.  


    විශ්‍රාම වැටුප් ගෙවීම සම්පූර්ණයෙන්ම බැංකු ක්‍රමය හරහා අපි ක්‍රියාත්මක කරනවා. අද රටේ විශාල ප්‍රමාණයක් බැංකු හා ශාඛා තිබෙනවා.

     

    යම් කෙනෙක් විශ්‍රාම ගත්විට ඒ අය විශ්‍රාම වැටුප ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගියේ බැංකුවට. නැත්නම් තැපැල් කාර්යාලයට. අපිට එයත් වෙනස් කරන්න පුළුවන් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්‍රාමිකයාට නම්බුකාර ලෙස බැංකුවට ගිහින් තමන්ගේ විශ්‍රාම වැ‍ටුප ගන්න පුළුවන් වෙනවා. අපි කිසිකෙනෙකුට බල කළේ නැහැ. කැමතිනම් මේ ක්‍රමයට අනුගත වෙන්න පුළුවන්.


    හැමදාම විශ්‍රාම වැටුප් දොපර්තමේන්තුවේ බැක් ඩ්‍රොප් එකක් තිබෙනවා. හේතුව ඒ රාජ්‍ය සේවකයන්ගේ ලිපිලේඛනවල තිබෙන අඩුපාඩු. යුද්ධය නිසා නැතිනම් ගිනිගැනීම් නිසා විවිධ ගැටලු ඇති වී තිබෙනවා.


    අද වන විට ලෝකයම සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා විශ්‍රාම ගැන්වීමේ කාලය වසර 70 දක්වා දීර්ඝ කළ යුතුයි කියා. මගේ අදහසත් එය විය යුතුයි කියා. මොකද ඒ අය විශ්‍රාම ගන්නේ වයස කියන්නේ වැඩකරන්න පුළුවන් හොඳම කාලය ලෙසයි මා දකින්නේ. ඒ නිසා ඒ අයගෙන් හැටෙන් පසුවත් යම් වැඩකොටසක් ගත යුතුයැයි තමා විශ්වාස කරන්නේ යැයි අමුණුගම මහතා පැවසීය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya