අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ධාන ආණ්ඩුව රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නෑ

    ජූනි 19, 2014

    මේ රජය තියෙනතාක් රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කටයුතු නොකරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප හා පාරිතෝෂිකය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    රාජ්‍ය සේවය මෙන්ම පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකට ද යා යුතු අතර  රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඇති පරතරය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතුයි. පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ ගණනක් තිබුණත් ඒ සඳහා පුද්ගලයන් නැති බව අමාත්‍යවරයා පැවසීය.


    පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රජය මැදිහත් විය යුතු කාලය එළැඹ ඇතැයි කී අමාත්‍යවරයා එදා රාජ්‍ය සේවය කප්පාදු කරන්න කටයුතු කළේ එ.ජා.ප. කාලයේ බවත් මේ රජය බලයට පත් නොවුණා නම් පාර්ලිමේන්තුවේ අද කතා කරන්න වෙන්නේ රාජ්‍ය සේවය නැතිවීම ගැන බවත් පැවසීය.


    රාජ්‍ය සේවයට අයත්ව තිබූ සතොස විනාශ කර දැම්මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලයේදීයි. රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්සේවය, ගෑස් සමාගම් ආදී සියලු දේ පෞද්ගලිකකරණය කරමින් රාජ්‍ය බැංකු, විදුලිය, ජලය පෞද්ගලීකරණය කරන්න පිඹුරුපත් සකස් කළේ ඒ කාලේ බව අවධාරණය කළේය.


    අද රාජ්‍ය සේවය තිබුණාට වඩා දෙගුණයක් වැඩි කර තිබේ. එසේ කළ හැකි වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීම නිසයි. රැකියා නැතිව සිටි උපාධිධාරීන්ට රැකියා දුන්නේ මේ රජයයි. ඒ අය මේ රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වී සිටින බව ද ඔහු සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya