අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කරයි

    ජූනි 19, 2014
    ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලබාදී ඇති කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට අද (19) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

    ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 21 දක්වා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු දීර්ඝ කෙරේ.

     

    මීට අදාළ යෝජනාව සභානායක හා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

     

    2013 ජූනි 21 වැනි දින මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අතර තමන් විසින් නිරීක්ෂණය කරනු ලබන කරුණු, 2011 නොවැම්බර් මස 23 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින් එම කාලය දීර්ඝ කිරීම කර ඇත. 

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya