ඔක්තෝබර් 18, 2019
tami eng youtube  twitter facebook

    ගංවතුර නිසා විනාශ වූ මාර්ග සහ පාලම් ඉදිකිරීම ඒවා ඉදිකළ සමාගම්වලටම

    ජූනි 19, 2014

    ගංවතුර හේතුවෙන් විනාශ වූ මාර්ග සහ පාලම් ඉදිකිරීම සඳහා කිසිදු මහජන මුදලක් වැය නොකරන බවත් එම ඉදිකිරීම් කටයුතු සඳහා ඒවා ඉදිකළ සමාගම්වලට ම පවරා ඇති බවත් මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.



    අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කීය.

    මහජන මුදල් කිසි කුමන ආකාරයෙන් නාස්ති කිරීමට රජය කටයුතු කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා විශාල ගංවතුර පැමිණි විට මහාමාර්ග පමණක් නොව පාලම් පවා විනාශ වන බවත් ඒවා ඉදිකිරීම සඳහා නැවත ඒ ඒ සමාගම්වලට පවරා ඇති බවත් සඳහන් කළේය.

    NDH/HC

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya