අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවකයන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි

    ජූනි 19, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින ඉඩම් නොමැති රජයේ සහ සංස්ථා සේවකයන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මේ වන විට 8771ක් දෙනෙකු සඳහා ඉඩම් ලබා දී ඇත. මේ වැඩපිළිවෙළේදී පදිංචියට සුදුසු ප්‍රදේශවල ඉඩම් තෝරා ගෙන පර්චස් 10ට නොවැඩි කොටසක් රජයේ සේවකයන් සඳහා ලබා දෙනු ඇත. රජයේ සේවකයන් සියලුම දෙනාට මෙ ආකාරයෙන් ඉඩම් අවශ්‍ය නොවන බවත් ඉල්ලීම් ලැබෙන පරිදි ඉඩම් ලබා දෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya