අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියෙන් තොර දූරකතන නීත්‍යනුකූල නොවන අන්දමින් ගෙන්වීම අවම කිරීමට පියවර

    ජූනි 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) ප්‍රමිතියෙන් තොර දූරකතන නීත්‍යනුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වීම ලොකු ගැටලුවක් වී ඇති බවත් මේ ආකාරයෙන් දූරකතන මෙරටට ගෙන්වීම අවම කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව උනන්දු කරවීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    මේ වන විට ජංගම දූරකතන ලක්ෂ 203කට අධික ප්‍රමාණයක්ද, ස්ථාවර දූරකතන ලක්ෂ 27කට අධික ප්‍රමාණයක්ද මෙරට පාරිභෝගිකයන් පරිහරණය කරන බව ද අමුණුගම මහතා කීය.


    විකිරණ ප්‍රශ්නය ගැන ලොකු ආන්දෝලනයක් ලෝකයේත් ඇත. ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විනාශ කිරීම සම්බන්ධයේ අපේ පරිසර අධිකාරිය කටයුතු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya