අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප ර‍ටේ ප්‍රශ්න අප රට තුළ ම විසඳා ගත යුතුයි

    ජූනි 19, 2014

    අප ර‍ටේ ප්‍රශ්න අප රට තුළ ම විසඳා ගත යුතු අතර වි‍දේශ රටවල මැදිහත්වීම් තුළින් ‍හොඳක් සිදුවන්නේ නැති බවත් ඒ සඳහා බාහිර බලපෑම් ප්‍රතික්‍ෂේප කළ යුතු බවත් වි‍දේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ ව පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.

     

    ‍‍මේ අන්තර්ජාතික විමර්ශන‍යේ මූලික අරමුණ ‍මොකක්ද? යන්න ප්‍රශ්න කළ අමාත්‍යවරයා ‍මෙය සාධාරණ විමර්ශනයක් ‍‍නො‍වන බවත් මින් සාධාරණ විසඳුමක් ලබාගන්න බැරි බවත් සඳහන් කළේය. 

     

    ත්‍රස්තවාදයට රට යටත් වූ පසු ‍මෙවැනි ‍යෝජනා ‍ගෙනා‍වේ නැහැ. යුද්ධය අවසන් වූ පසු ‍යෝජනා තුනක් ‍ගෙනාවා. පිල්ලේ මහත්මිය ප්‍රකාශ ක‍රන‍්නේ රජය ත්‍රස්තවාදය මුවා‍වෙන් කටයුතු කර ඇති බවයි. ඇය‍ගෙන් සාධාරණ විනිශ්චයක් ලැ‍බෙයි කියා විශ්වාස කරන්න බැහැ. එක්සත් ජාතීන්ගේ මහ‍ ලේකම්වරයා සමඟ අත්සන් කළ ප්‍රකාශනය විකෘති කර ති‍බෙනවා. දුක් ගැනවිලිවලට කටයුතු කිරීම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව කටයුතු කරන බවට එකඟ වුවත් අන්තර්ජාතික විමර්ශනයකට රජය කැමැත්ත දී නැහැ. ‍මේ මැදිහත්වීම් සියල්ල සිදුවන්නේ නීත්‍යානුකූලව ‍නො‍වන බව ඔහු කීය.

     

    බිම්‍ ‍බෝම්බ ඉවත් කිරීම, නැවත පදිංචි කිරීම ගැන සලකා ‍නොබලා කුහකකමට කටයුතු කර ති‍බෙනවා. වි‍ශේෂ ප්‍රමිතීන් අ‍පේ රට ‍වෙනු‍වෙන් යොදාගැනීම නිසා පරීක්ෂණයට අප විරුද්ධයි. ර‍ටේ කටයුතුවලට අනවශ්‍ය මැදහත්වීමක් උතුරු පළාත් සභාව සමඟ කටයුතු කර ති‍බෙනවා. ඩයස්පෝරා‍වේ බලපෑම් අධිකයි. එක රටක ඇමැතිවර‍යෙක් ඊට සහය දක්වා පළ කළ අදහස් පසුව ඉවත් කර ගැනීම සිදු වුණා. ශ්‍රී ලංකාව පිළිබඳ තත්ත්වය නිවැරදිව අව‍බෝධ කර ගත යුතුයි. ‍මේ රට තුළ ප්‍රගතිශීලී සංවාදයක් ඇති කර පුළුල් විසඳුමකට යා යුතුයි. ඊට ඉඩකඩ පුළුල් වශ‍යෙන් ‍ගොඩනැගිය යුතුයි. ‍යෝජනාවට සහය දුන් රටවල් 39න් වැඩි ප්‍රමාණයක් උතුරු ඇමෙරිකානු හා ‍‍යු‍රෝපියානු රටවල්. අන්තර්ජාතික මතය පැහැදිළි වන්නේ නැහැ. ප්‍රතිසන්ධාන‍යේ විවිධ ප්‍ර‍වේශයන් ති‍බෙන බවත් ‍වෙනත් රටක සංස්කෘතික අගයන් අපට බල‍යෙන් පටවන්න හදන බවත් ඔහු අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya