අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවැනි පරීක්ෂණයක් පැවැත්වීමට ‍යෝජනා කිරීම කණගාටුවට කරුණක්

    ජූනි 19, 2014
    ත්‍රස්තවාදය පරාජය කළ යුතුය යන මතය ඉදිරියට ‍ගෙනාවත් එය ‍නොතකා ‍මෙවැනි පරීක්ෂණයක් පැවැත්වීමට ‍යෝජනා කිරීම කණගාටුවට කරුණක් බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දි‍නේෂ් ගුණවර්ධන මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ ව පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.
     
    ‍මේ ‍යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ට ම‍‍ගේ ප්‍රණාමය පුද කරනවා. මහජන මන්ත්‍රීවරුන් ‍ලෙස ර‍ටේ ප්‍රශ්න ‍මේ සභාව සාකච්ඡා කිරීම ඉතා වැදගත්. ගතවූ වසර 30 තුළ එ‍සේ කටයුතු කළත් ‍මේ පරීක්ෂණය පිළිබඳව‍ මෙහිදී සාකච්ඡා කිරීමට ඉඩක් ‍නොමැති බව ‍පෙන්වීමට එජාපය පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
     
    යුද්ධය අවසන් කරන විට ‍කොටි සංවිධානය රටවල් 35ක තහනම් කර තිබුණා. එල්.එල්.ආර්.සී. ‍කොමිසම පත් කර අවශ්‍ය පියවර ගත්තා. එය අගය කළ අය ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලා සිටීම කණගාටුවට කරුණකි. ‍මේ ‍‍යෝජනාවට පක්ෂව ඡන්දය ‍භාවිත කිරීම විරුද්ධ පක්ෂ‍යේ යුතුකමක්. මාතෘ භූමිය අනතුරට ලක්ව ඇති අවස්ථා‍වලදී විපක්ෂ‍යේ සිටියදී මාතෘ භූමිය ආරක්ෂා කරන්න අප කටයුතු කළා. ත්‍රස්තවාදය යළි හිස ඔසවා ගැනීමට ඉඩ ‍නොදිය යුතුයි. ‍මෙයින් පළා යාමට ඉදිරිපත් කළ අතුරු ‍යෝජනාව ඉවත දමා ‍‍යෝජනාවට පක්ෂ ‍වෙන්න කියා ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya