අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා ‍යෝජනාව අ‍පේ ර‍ටේ අභ්‍යන්තර කටයුතුවලට හා ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක්

    ජූනි 19, 2014
    ජිනීවා ‍යෝජනාව අ‍පේ ර‍ටේ අභ්‍යන්තර කටයුතුවලට හා ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් බවත් අ‍පේ ප්‍රශ්නය අපට විසඳා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණ‍සේකර මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ ව පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.
     
    එක්සත් ජාතීන්‍‍ගේ සංවිධානය ආරම්භ කළ අරමුණුවලට පටහැනිව කටයුතු කරමින් පවතී. ජීනීවා ‍යෝජනා තුළින් මිලටරි ප්‍රහාරයක් ‍වෙනුවට රාජතාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාය කරයි. ‍දෙමළ ජනතාවට ආදර‍යෙන් ‍මෙය ‍සිදු කරන්නේ නැහැ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් භූ ‍දේශපාලනික අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට උත්හයක් දරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මීට ‍පෙර ඔවුන් ඊජිප්තුව, සිරියාව, සූඩානය, ටියුනීෂියාව වැනි රටවල්වලට ‍මෙවැනි ‍යෝජනා ‍ගෙනවා. එම රටවල් අද වන විට අස්ථාවර ‍වෙලා. ‍මොවුන් ශ්‍රී ලංකාවට සිදු කරන්න යන්නේත් ‍මෙවැනි ‍දෙයකි. ඉරාන‍යේ, ඇෆ්ගනිස්ථාන‍යේ ඝාතන ගැන කතා ‍නොකරන මානව හිමිකම් කොමිසම අ‍පේ ර‍ටේ මානව හිමිකම් පිළිබඳ ‍‍සෙවීම ඔවුන්ගේ ‍දෙබිඩි පිළි‍වෙත ‍‍පෙන්නුම් කරන බවත් වසර 30ක යුද්ධය ගැන කතා ‍නොකර මානුෂීය ‍මෙ‍හෙයුම ගැන පමණක් කතා කිරීම මඟින් ඔවුන්ගේ සැඟවුණු න්‍යායපත්‍රයේ යථාර්ථය පෙනෙන බවත් ඔහු අවධාරණය කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya