අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - ජනපති

    ජූනි 18, 2014

    අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල පසුගිය දිනවල හටගත් සිද්ධීන් ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සියලු පාර්ශවයන් ඉදිරියේදී සමඟියෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බේරුවල දී පැවසීය.


    අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල පසුගිය දිනවල හටගත් නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිතුමා අද (18) පස්වරුවේ බේරුවල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් මේ බව පැවසීය.


    බොලීවියා නිල සංචාරය නිමවා පැමිණි වහා ම බේරුවල ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමා ප්‍රදේශයේ බෞද්ධ හා මුස්ලිම් ආගමික නායකයන් මුණගැසී මේ පිළිබඳ කරුණු විමසීය.


    ජාති, ආගම්, තරාතිරම් භේද නොබලා වැරැදිකරුවන්ට දඬුවම් කරන බවත් රට තුළ නීතියක් ඇති බවත් එම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට කිසිවිටකත් පසුබට නොවන බවත් ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නායකයන් හා රාජ්‍ය නිලධාරීන් හමුවේ ජනාධිපතිතුමා පැවසීය.


    අමාත්‍යවරුන් වන ආචාර්ය මර්වින් සිල්වා, රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.


    HC/pmu_Pix by: Sudath Silva

     

    President visits Beruwala 1

    President visits Beruwala 2

    President visits Beruwala 3

    President visits Beruwala 4

    President visits Beruwala 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya