අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ වැඩපිළි‍වෙළක්

    ජූනි 18, 2014

    මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ වැඩපිළි‍වෙළක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මේ පරීක්ෂණය ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසාරිස් කාර්යාලය මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ ව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.


    2009 පසුව ජාත්‍යන්තර‍යේ විවිධ කණ්ඩායම් ශ්‍රී ලංකාව වටලෑ‍මේ ‍මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාව වටලෑම තුළින් ඔවුන්ගේ බලය රැක ගැනී‍මේ උත්සාහයක නිරත ‍වෙලා. ඉදිරි දශක‍යේදී ආර්ථික හා ‍දේශපාලනික වශ‍යෙන් නැගී සිටින ආසියා‍වේ තම බලය ස්ථාපිත කිරීමට අ‍මෙරිකාව ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව වැටලීමට සැලසුම් කර ති‍බෙනවා.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව අ‍පේ සත්‍ය ‍තොරතුරු පිළිගන්නේ නැහැ. ඔවුන්ගේ සභික මණ්ඩලය අපට පිළිගන්න බැහැ. එයින් යුක්තියක් ඉටු‍ ‍වෙන්නේ නැහැ. 2002 වස‍රේ ‍මේ ර‍ටේ පැවැති දීන සාම ක්‍රියාවලිය නිසා ත්‍රස්තවාදය විශාල ‍ලෙස පැතිරුණා. අ‍පේ දරුවන් 26,000ක් දිවි පුදා ‍මේ රටට සාමය උදා කළා. ඒ උදා කළ සාමය යම් යම් පිරිස් විසින් නැවත වල දමා රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් ඉන්නවා. දීන සාම ක්‍රියාවලියේ යුද නියාමකයා ලෙස හිටපු එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කරන්න අපේ වීරෝදාර හමුදා කටයුතු කළා. අද මේ ක්‍රියාවලිය පිටපස තිබෙන්නේ දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම නොවෙයි. රට අස්ථාවර කිරීමයි. අප ස්තූතිවන්ත වෙනවා රජය මේ යෝජනාව ගෙන ඒමට ගත් තීරණය පිළිබඳ ව.


    මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ වැඩපිළි‍වෙළක් ලෙසයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මේ පරීක්ෂණය ඉදිරිපත් කර තිබෙන්නේ.


    ඊජිප්තුව, ඉරාකය, වැනි රටවල්වලට බටහිර රටවල් මැදිහත්වී‍මෙන් එම රටවල් අස්ථාවර වී ති‍බෙනවා. ‍මේ සඳහා උඩ‍ගෙඩි ‍දෙන සෑම ‍දෙනාම ශ්‍රී ලංකාව කැඳවා‍ගෙන යන්නේ අන්තවාදය ‍දෙසටයි. එක්සත් ජාතීන්‍ගේ කාර්යාලය අපට එ‍රෙහි ‍චෝදනා පුළුල් කරමින් වටලෑම ‍වේගවත් කරමින් සිටිනවා. ‍මෙයට අප කිසි‍සේත් ඉඩ තබන්නේ නැහැ. ‍ජෝර්ජ් බුෂ්, ‍ටෝනි ‍බෙයාර්ඩ් ට එ‍රෙහිව මානව හිමිකම් කමිටුව කටයුතු කරන්නේ නැහැ.


    අද බටහිර නායකයින් ඉරාකයේ ශිෂ්ටාචාරය විනාශ කරන්න ඉඩ දී තිබෙනවා. ලිබියාවේ, සුඩානයේ, ඇෆ්ගනිස්ථානයේ සිදුකරන්නේ කුමක්ද? හැම රටක්ම මළ කඳන්වලින් රුධිර ගංගාවලින් පිරී ගිහින් තිබෙනවා. අපේ රටත් ගෙන එන්න හදන්නේ මේ තත්ත්වයටයි. අද මේ ක්‍රියාවලිය පිටපස තිබෙන්නේ දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම නොවෙයි. රට අස්ථාවර කිරීමයි. අප ස්තූතිවන්ත වෙනවා රජය මේ යෝජනාව ගෙන ඒමට ගත් තීරණය පිළිබඳ ව.


    අද බටහිර නායකයින් ඉරාකයේ ශිෂ්ටාචාරය විනාශ කරන්න ඉඩ දී තිබෙනවා. ලිබියාවේ සුඩානයේ ඇෆ්ගනිස්ථානයේ සිදුකරන්නේ කුමක්ද? හැම රටක්ම මළ කඳන්වලින් රුධිර ගංගාවලින් පිරී ගිහින් තිබෙනවා. අපේ රටත් ගෙන එන්න හදන්නේ මේ තත්ත්වයටයි.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය අද අපේ රටට එරෙහි ව ගොනුකර තිබෙන චෝදනා පළල් කරගෙන යනවා. මුලින්ම හිටපු අගවිනිසුරුවරිය පිළිබඳ වත් අද ආගමික සංහිඳියාව පිළිබඳවත් කරුණු ගොනු කරමින් ඉන්නවා. මේ රටේ ආගමික සංහිඳියාව පිළිබඳ භයානක ප්‍රශ්නයක් තිබෙන බව අන්තර්ජාතිකව ප්‍රචාරය කරගෙන යනවා. මේ සිදුකරන්නේ මුළු රටක් ම වට කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළයි. මේ රටත් සුඩානයක්, ඉරාකයක්, ලිබියාවක් වගේ මිනී ගොඩගසන රටක් කරන්නට ජාත්‍යන්තරයට අවශ්‍යයි. අපේ රටේ යටත්විජිත සමයේ කළ ඝාතන ගැන පරීක්ෂණ තිබ්බාද? ඓතිහාසිකව අත්වල ලේ තවරාගත් පිරිස අපේ රටත් ඒ තත්ත්වයට පත් කරන්නට හදනවා.


    අපේ ඉතිහාසය පුරා අපේ රට අපි ආරක්ෂා කරගත්තා වගේ අපේ අනන්‍යතාවන් සුරක්ෂිත කරන්න අපි කටයුතු කරනවා. අපට අභියෝග එල්ල වෙලා තිබනවා නම් අපි එම රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරයට ආර්ථික ප්‍රහාරයකට මුහුණ දෙනවා. මේ ප්‍රහාරවලට මුහුණ දිය හැක්කේ නැග එන ආසියාවේ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් කිරීමෙන් පමණයි.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya